ගෝලීය උණුසුම අංශක 1.5 ට වඩා අඩුවෙන් තබා ගැනීමට ෆොසිල ඉන්ධන ඉවත් කිරීම පිටුපස විද්‍යාවක් නොමැත -COP28 සභාපති

Date:

නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රජයේ පැවැත්වෙන් COP28 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ සභාපතිත්වය දරන සුල්තාන් අල් ජාබර් ගෝලීය උණුසුම අංශක 1.5 ට වඩා අඩුවෙන් තබා ගැනීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීම පවසන විද්‍යාවක් නොමැති බව නොවැම්බර් 21දා පැවති COP28 She Changes Climate Panel ඉසව්වේදී ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රක්ශයත් සමඟ විද්‍යාඥයන් සහ දේශගුණ කණ්ඩායම් අතර අල් ජබර් දැඩි ලෙස විවේචනය කර ඇති අතර COP28 සමුළුවේ අල් ජබර් ගේ සභාපතිත්වය මතභේදාත්මක වී ඇත. අල් ජබර් ව්‍යාපාරිකයකු වන අතර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශගුණ නියෝජිතයා වන අතර එහි පුනර්ජනනීය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම රජය සතු අබුඩාබි ජාතික තෙල් සමාගමේ (ADNOC) ප්‍රධානියා ද වේ.

ෆොසිල ඉන්ධනවල අනාගත භූමිකාව COP28 දේශගුණ සමුළුවේදී රටවල් පොරබදමින් සිටින වඩාත්ම මතභේදාත්මක ගැටළු වලින් එකක් වන අතර මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තා පෙන්වා දී ඇත්තේ ගෝලීය උණුසුම අංශක 1.5 ට වඩා අඩුවෙන් තබා ගැනීම සඳහා ෆොසිල ඉන්ධන වේගයෙන් කප්පාදු කළ යුතු බවයි.

ෆොසිල ඉන්ධන දේශගුණික අර්බුදයේ ප්‍රධාන ධාවකය වන අතර ලෝකය අඛණ්ඩව තෙල්, ගල් අඟුරු සහ ගෑස් දහනය කරන විට ගෝලීය උෂ්ණත්වය පෙර නොවූ විරූ මට්ටම් දක්වා ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) අඩිය විසින් පර්යේෂණාත්මකව තහවුරු කර ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...