මරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි! අඩි 9,800 ක් පමණ උසට අළු ඉසිමින් පුපුරා යයි!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සති අන්තයේදී (03) ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද පුපුරා යාමෙන් පසු එහි ආවාටය අසල රැඳී සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (04) දිනයේ ද දෙනෙකු බේරා ගත් බවත්, තවත් කුඩා පිපිරීමක් හේතුවෙන් අතුරුදන් වූ 12 දෙනෙකු සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙන බවත් සඳහන්.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ කඳු නගින්නන් 75 දෙනෙකු සිටි නමුත් බොහෝ දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති බවත්, ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 127 න් එකක් වන මරාපි කන්ද ඊයේ (03) පුපුරා ගියේ කිලෝමීටර් 3 ක් (අඩි 9,800) පමණ උසට අළු ඉසිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ .

බලධාරීන් විසින් දෙවන ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම පනවා ඇති අතර අවට නිවැසියන්ට ආවාටයේ සිට කිලෝමීටර් 3 ක් දුරකට යාම තහනම් කර ඇති අතර, මීටර් 2,891ක් උස මරාපි කන්ද ඉන්දුනීසියාවේ බටහිර දෙසින් පිහිටි සුමාත්‍රා දූපතේ පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...