මරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි! අඩි 9,800 ක් පමණ උසට අළු ඉසිමින් පුපුරා යයි!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සති අන්තයේදී (03) ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද පුපුරා යාමෙන් පසු එහි ආවාටය අසල රැඳී සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (04) දිනයේ ද දෙනෙකු බේරා ගත් බවත්, තවත් කුඩා පිපිරීමක් හේතුවෙන් අතුරුදන් වූ 12 දෙනෙකු සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙන බවත් සඳහන්.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ කඳු නගින්නන් 75 දෙනෙකු සිටි නමුත් බොහෝ දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති බවත්, ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 127 න් එකක් වන මරාපි කන්ද ඊයේ (03) පුපුරා ගියේ කිලෝමීටර් 3 ක් (අඩි 9,800) පමණ උසට අළු ඉසිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ .

බලධාරීන් විසින් දෙවන ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම පනවා ඇති අතර අවට නිවැසියන්ට ආවාටයේ සිට කිලෝමීටර් 3 ක් දුරකට යාම තහනම් කර ඇති අතර, මීටර් 2,891ක් උස මරාපි කන්ද ඉන්දුනීසියාවේ බටහිර දෙසින් පිහිටි සුමාත්‍රා දූපතේ පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...