කොළඹ LNW:ජාතික ජන බලවේගයේ රජයක් යටතේ හොරු ඇල්ලීම පළමු දවසේ පටන්ම ක්‍රියාත්මක බව විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
මහජන දේපළ,මහජන මුදල් වංචා කළ අයට මුල් මාස හය තුළ උත්තර දීමට සිදුවන ආකාරය නිවසේ සිටම බලාගත හැකි බවයි ජයසේකර මහතා සඳහන් කරන්නේ.
”වංචා දූෂණය කියන්නේ වංචාව කියන්නේ ඇත්තටම විවාහ වෙලා ඉඳගෙන හොරෙන් තවත් විවාහයක් කරගන්නවා වගේ දෙයක්. තවත් උදාහරණයක් කිව්වොත් පරිසරය දුෂණය කිරීමත් වංචා දුෂණ ගණයට තමයි වැටෙන්නේ. නමුත් මූල්‍ය වංචාවක් කියන්නේ තමන්ට තියෙන බලය,නිලය සියල්ලම පාවිච්චි කරලා මුදල් වංචා කිරීම තරම් බරපතල දෙයක් නැහැ. මහජනයාගේ දේපල මහජනයාගේ මුදල් වංචා කිරීම තමයි දඬුවම් ලැබිය යුතු වරදවල්. ඒ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ප්‍රතිපත්ති ජාතික ජන බලව්ගයේ තිබෙනවා. ඒක පළමුවෙනි දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. පළමු මාස හයේ බලාගන්න පුළුවන් කොහොමද ඒ වංචා දූෂණ කරපු කට්ටියට උත්තර දෙන්න සිද්ධ වෙනකොට ඔබලාට ගෙදරට වෙලා තමන්ගේ රස්සාවක් කරගෙන බලාගෙන ඉන්න පුළුවන්. නිකමට හිතන්න අල්ලපු වත්තෙන් පොඩි දෙයක් හොරකම් කළොත් ඒක අපේ හිතට කොච්චර වද දෙනවද.අපි එහෙම කරන්නේ නැහැ කවදාවත්. එහෙම කරන්න පුළුවන්ද? හිතල බලන්න.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.
ASK