ජාතිවාදය ඇවිස්සීමට අනුබල දෙන්න එපා – අධිකරණ ඇමති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැවොම එක්වී, රටේ ජාතික සමගිය ඇති කරන්න හදන මොහොතේ,මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වී ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (4) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අමාත්‍යාංශ නිවේදන යටතේ අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

උතුරු නැගෙනහිරට කරපු සේවාවෙන් 1/1000 වත් කළ අය මෙම පාර්ලිමේන්තුවේ නැහැ.ඉන්දියාවේ සිට පැමිණි 12,800කට වැඩිය ජනතාවක් උතුරේ හිටියා. ඔවුන්ට උප්පැන්න සහතිකයක් හෝ හැඳුනුම්පත් තිබුණේ නැහැ. නැගෙනහිර එවැනි ජනතාව 3000ට වැඩිය හිටියා. ජංගම සේවාවන් පවත්වා එම ගැටලු විසඳීමට කටයුතු කළා.එක ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක්වත් මෙම ගැටලු විසඳීමට මැදිහත් වුණේ නැහැ.” ලෙසයි.

උතුරේ සිටින දෙමළ ජනතාව අදටත් ඉල්ලන්නේ සාමය. පාර්ලිමේන්තුවේ සිටින මෙම මන්ත්‍රීවරුන්ගේ මතය නෙමෙයි ද්‍රවිඩ ජනතාවගේ මතය වෙන්නේ . මේ අයගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තමයි මේ අය කටයුතු කරන්නේ.

අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ , අධිකරණයේ විනිසුරුවරුන්ට හේතුවක් නැතිව දෝෂාරෝපණය කිරීමෙන් වලකින ලෙසයි.

තවද පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් මන්ත්‍රීවරුන් විනිසුරුවරුන්ට අපහාස නොකළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළ අතර මෙලෙස පැවතියහොත් රටේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එක්ව කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...