*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වැරයිටි සඟරාවට ලිංගික අසහනය ද? බිලී අයිලිෂ් තම ලිංගිකත්වය ගැන ඇත්තටම කියූ දේ මෙන්න!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Billie Eilish යනු ඇමරිකානු ගායිකාවකි. ඇය ප්‍රථම වරට මහජන අවධානය දිනා ගත්තේ 2015 දී ඇයගේ පළමු ගීතය වන “Ocean Eyes” සමඟිනි.

වැරයිටි සඟරාව Billie Eilish සමඟ මෑත කලකදී සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී “තම ලිංගික අනන්‍යතාවය බලහත්කාරයෙන් පිටතට දැමීම” සම්බන්ධයෙන් චෝදනා කරමින් ඇයගේ ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීම නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇයගේ ආකර්ෂණය කාන්තාවන් වෙත පවතින බව ඇය මෙහිදී ප්‍රකාශයක් සිදු කර ඇති අතර එය ලොකු කරගත් වැරයිටි සඟරාව ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම හෙඩ්ලයින් එකටම එය ගෙන ඇත.

Hitmakers සම්මාන උළෙලේදී, Billie ගේ මුහුණට කැමරාව එල්ල කරමින් ඇගේ ලිංගික අනන්‍යතාවය හාරා බැලීමක් සිදු විය.

“වැදගත් වෙන ඕනෑම දෙයක් ගැන කතා කරනවා වෙනුවට” ඇයගේ ලිංගික අනන්‍යතාවය බලහත්කාරයෙන් පිටතට දැමීම ගැන Billie උපහාසාත්මක ලෙස වැරයිටි ට ස්තුති කළාය. ඒ උපහාසය මත ගැබ්ව ඇත්තේ ඇයට ඇති වූ අපහසුතාවයයි.

මාර්කටින් කරන දේවල් ඕනෑතරම් තිබියදී ඇයි මේ ලිංගික ජීවිතයම හාරා අවුස්සා බලන්නේ යන්න පැනයකි.

Billie ට පමණක් නොව මෙවැනි සිදුවීම් කිහිපයක්ම අතීතයේ සිටම සිදු වෙමින් පවතී. මේ පිළිබඳ අපි කතා කරන්නේ අත ලඟ ඇති සිදුවීම සැලකිල්ලට ගනිමිනි.

Elton john සහ Freddie mercury ගෙන් ද එකල මිඩියා වලින් නොයෙකුත් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර ඔවුන්ද ඕනෑ තරම් අපහසුතාවට ලක් විය. මේවා දිහා සමාජය බලන කෝණය තවමත් ගල් යුගයක මෙන් පවතින බව නිගමනය කළ හැක.

ඕනෑම අයෙකුට පෞද්ගලිකත්වයක්, අනන්‍යතාවයක් මෙන්ම එකිනෙකාට විවිධාකාර වූ අවශ්‍යාතා ද පවතී. ඒවාට ගරු කරමින් සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට කටයුතු කිරීම ඔබෙත් මගෙත් වගකීමය.



Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan