කොළඹ දකුණ තියුණු අවසානයකින් පසු අවසාන තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 05,(LNW) කොළඹ :

රාජකීය විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති අවුරුදු 15 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසාන පූර්ව තරගයෙන්,කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 1 ක් තියුණු ජයක් වාර්තා කරන්නට කොළඹ දකුණ කණ්ඩායමට හැති වුණා.කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම පන්දු ඕවර් 49.1 දී සියලු දෙනා දැවී ලකුණු 179 ක් වාර්තා කරන්නට සමත් වුණා.


කොළඹ දකුණ පන්දු යවන්න්ගේ දඩයමට ගොදුරුව ලකුණු 179 ට සීමා වුණ කොළඹ උතුර ඉණිමට එරෙහිව පන්දු යැවීමෙන් වඩාත් කැපී පෙණෙන පන්දු යවන්නන් වූයේ කළුතර තිස්ස විද්‍යාලය නියෝජනය කරන තාරුක සමින්ජිත සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් කණ්ඩායමට එකතු වී සිටින චමිත කන්කානම්ගේ යන දෙදෙනායි.චමිත ලකුණු 27 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.එසේම තාරුක ද ලකුණු 38 ට කඉුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.
මේ පන්දු යැවීමේ පීඩනය හමුවේ කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පිතිකරු වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සසිඳු සිල්වා ලකුණු 37 ක් ලබා ගන්නට සමත් වුණා.කණ්ඩායම් නායක නූ මීගමුව මාරිස්ටෙල්ලාවේ කවිත් ද සිල්වා ලකුණු 36 ක් ලබා ගන්නට සමත් වුණා.ඒ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ හිමිර කුඩාගම ලකුණු 35 න් දායක වුණා.


පිළිතුරු ඉණිමට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමට ඉලක්කයට ළඟා විම පහසු වූයේ නැහැ.තෙවන කඩුල්ල වෙනුවෙන් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් කණ්ඩායමට පිවිස් මෙතුක ගුණරත්න (45) සහ කොළම රාජකීය විද්‍යාලයේ දුෂේන් උඩුවෙල එක්ව ගොඩ නැඟු ලකුණු 67 ක සබඳතාවය නිසා කොළඹ දකුණ කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවුණත්,දුෂේන් ලකුණු 96 දී ත්,මෙතුක ලකුණු 104 දී ත් දැවී ගියා.එතැන් සිට විවෘත තරගයක් වූ තරගයේ ස්වභාවය නැවත පසුපෙළ සමඟ එක්ව කොළඹ දකුණ කණ්ඩායම වෙත හැරවීමට නොදැවී ලකුණු 22 ක් ලබමින් කොළඹ රාජකීය විද්‍යාලයේ මහිරු කොඩිතුවක්කු දැක් වූ දායකත්වය ඉහළින් අගය කළ යුතුයි.


පන්දු යවන්නන් අතිරින් කඩුලු 2 බැඟින් ලබමින් කොළඹ දකුණට අභියෝග කළ පන්දු යවන්නන් සිව් දෙනෙකුම දකින්නට ලැබුණු අතර,ඒ අතරින් මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් කණ්ඩායමට එක් වූ අබ්දූල් රහ්මන් සිය පන්දුවාර 10 ලකුණු 20 ට නිමා කරමින් ලැබූ කඩුලු 2 වඩාත් කැපී පෙණින.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...