අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද පාර්ලිමේන්තුවේදී හෙළිකල පුදුම හිතෙන හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ (LNW):

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසික කුලිය මිලියන 5ක් බවය. ඒ අනුව, අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන, රජය සතු ගොඩනැගිලි තුළට ගෙනඒමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

“ගොඩක් අමාත්‍යාංශවල ආයතන කුලියට ඉන්නේ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසේ කුලිය මිලියන 5යි. වෙළෙඳ අමාත්‍යංශයේ මාසේ කුලිය ලක්ෂ 65යි. අපි තීරණය කරලා තියෙනවා ඒවා රජයේ ආයතනවලට ගන්න. මට විනාඩි 25ක් වෙන් කරලා තිබුණා. විනාඩි 23ක් නෙමෙයි. මං ඉල්ලා සිටිනවා මගේ විනාඩි 25ම ලබාදෙන්න කියලා. මොකද අනවශ්‍ය කාලය කා දැමීම්වලට අපේ වැදගත් කාලය වෙන් කරන්න එපා.  මේ රටේ අතුරු සම්මත ගිණුමක් මුලින්ම ඉදිරිපත් කෙරුනේ 1931.09.22 දා. රුපියල් මිලියන 13.6කට. කබීර් හෂීම් ඉදිරිපත් කළා රට ආරාජික කිරීම ගැන කතාවත්. සමාජය අවුස්සන දේශපාලනයක් අපි කළා කියලා ඔබතුමා කිව්වා නේද? . එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම පක්ෂවල නම් වරද්දගන්නවා. ජේ ආර් ජයවර්ධනත් රෝහාන් විජේවීරා කියලා කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්න බැරි වුණා එයා මැරෙනකම් ම. එයා ජාතික මොකක්ද කතාවක් කිව්වේ. ඔබතුමාටත් පැටලිලා.. ඉතිහාස වැරැද්දක්. නේද ?

අපට නෙමෙයි දැන් වෛරය තිබෙන්නේ. ජනතාව සමග කේන්තිය තිබෙන්නේ දැන් ඔබට.  ISB එක සම්බන්ධයෙන් අපි රුපියල් බිලියන 3000ක් වෙන් කරලා තියෙනවා අතුරු සම්මත ගිණුමෙන්.  අපිට මේ පරණ පව් කරගහන්න සිද්ධ වෙච්ච කොටසකුත් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නැත්නම් ISB එන්නේ නැහැ මෙහෙට. ඔබතුමාලා ගත්ත ණයවල පොළිය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ.අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කරන සියල්ලම වියදම් කරන්නේ නැහැ. මේක වෙන් කරන්නේ අවදානමට. අයවැයෙන් වෙන් කරන මුදලත් සියල්ලම වියදම් කරනවා කියලා හිතාගෙන අපි විවාද කරන්නේ නැහැ කවදාවත්.

ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට අච්චර වෙන් කරලා මෙච්චර වෙන් කරලා කියලා කිව්වා. අපි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා ඉතුරුවෙන සියලු මුදල් භාණ්ඩාගාරයට එවන්න කියලා. ඒකට ජනාධිපතිතුමාව අවශ්‍ය ආදර්ශන මුලින්ම දීලා තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහට වෙන්කරපු ගාන කියලා ඔබලා සමාජයේ මතයක් හදන්න හැදුවට භාණ්ඩාගාරයේ ඇත්තටම ඉතුරු වෙලා තියෙනවා. මොකද රනිල් හරි සජිත් හරි දිවුරුම් දුන්නා නම් අද ඔය තත්ත්වය නෙමෙයි. අපේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම නිල නිවාසවලට ගියේ නැහැ. යන්න තියෙන දෙන්නෙක් මාදිවෙලට ගියේ. විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි වෙනවා.” ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...