UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :

මෙරට සිදුවූ ස්වාභාවික ව්‍යසනයත් සමඟ විපතට පත්වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වේ.

ගංවතුර සඳහා සහනාධාර මෙන්ම බලපෑමට ලක්වූවන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා දායකවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉදිරිපත්ව සිටී.

තවද, 2022 / 2023 කොරෝනා සමයේ ද යළි ගොඩනැගීමේ කටයුතුවලට ද ඇමෙරිකා ඩොලර් මිලියන 6කට අධික මුදලක් ලබාදුන් බව ඔවුන් සිහිපත් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිවේදනය කරන්නේ, මෙම ආපදාවේදී ද ශ්‍රී ලංකාවට පහසුකම් සළසන බවයි.

ඒ අනුව ක්ෂණික ජීවනෝපාය සහන ,ප්‍රජා පිරිසිදු කිරීම් සදහා මුදල් , බලපෑමට ලක්වූ ප්‍ර දේශවල ව්‍යවසායකයින් සඳහා ප්‍රධාන , වෙළදපලවල් සහ කෘෂිකාර්මික වත්කම් ප්‍රතිසංස්කරණය ආදිය සදහායි.

මෙම සියලුම මැදිහත්වීම් ශ්‍රී ලංකා රජයේ සම්බන්ධීකරණ යාන්ත්‍රණ සමග එක්ව සිදුකරන බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...