රට බරපතළ අඩියක – ජාත්‍යන්තර වර්ගීකරණයේ භයානක ඇත්ත විපක්ෂ නායක සජිත් පෙන්වයි

Date:

ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය වර්ගීකරණය ඉතා අවධානම් මට්ටමක් ලෙස නම් කර ඇති බවත් මේ තත්ත්වය ගැන 2020 සිට විපක්ෂයක් ලෙස මතුකර සිටියත් එවක සිටි පාලකයන් එය විහිළුවට ලක් කරමින් රට නොමඟ යැවූ බවත්, මෙවැනි තත්ත්වයක් තුළ රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

කවුරුන් මොන කතා කිව්වත් ජාත්‍යන්තරව සහ දේශීයව මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුව නොමැති බවත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගණනාවක් පවසා ඇත්තේ අප රට තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු වන තුරු ආධාර උපකාර කළ නොහැකි බවත් යැයි සිහිපත් කළ විපක්ෂ නායකවරයා, මාස 8ක් තුළ වෛද්‍යවරුන් 477ක්, ඉංජිනේරුවන් 300ක් රට අතහැර ගොස් ඇති බවත් ළමා මන්දපෝෂණය වැඩිවන බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ හිඟය ඇතුළු ගැටලු රාශියක් පවතින බවත් පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ හැම ගැටලුවකටම ඇති එකම විසඳුම මැතිවරණයක් තුළින් නව ජන වරමක් ලබා ගැනීම බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින්...

ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර...