සංචාරක මඟී නෞකා 12ක් මෙරටට …

Date:

මෙරට සංචාරක කර්මාන්තයට දැවැන්ත ශක්තියක් එක් කරමින් සංචාරකයන් රැගත් සුඛෝපභෝගී නෞකා 12ක් ඉදිරි දින කිහිපයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව විශාල සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර, මේ දක්වා සුඛෝපභෝගී නෞකාවලින් පැමිණි සංචාරකයන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කළ බව ද ඔවුන්ගෙන් විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණු බව ද වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සංචාරකයන් 1,000ක් රැගත් අමෙරිකානු සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා ක්වෙස්ට් නෞකාව පෙරේදා (03) කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකාව අද (05) හම්බන්තොට වරාය වෙත ළඟා වීමට නියමිතව තිබේ. පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් යුරෝපා ජාතිකයන් වන අතර මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර කොළඹ වරායේ සිට හම්බන්තොට දක්වාත් ගමන් කර අනතුරුව ඉන්දුනීසියාව බලා යාත්‍රා කිරීමට නියමිතයි.

සංචාරකයන් 600 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 400 දෙනකුගෙන් සමන්විත මේ නෞකාවෙන් පැමිණි සංචාරකයන් ඊයේ (04) මහනුවර, කොළඹ නගරය, කැලණි රජමහා විහාරය, නිදහස් චතුරස්‍රය, මුතුරාජවෙල සංචාරය කරන ලද අතර, අද දිනයේ දී ගාලු කොටුව සහ යාල සංචාරය කිරීමට නියමිත බව එයිට්කන් ස්පෙන්ස් සමාගම පවසයි.

මෝල්ටා ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 181 හා පළලින් මීටර් 25ක් වේ.

රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...