*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පළමු පියවරෙන්ම ජයග්‍රහණය දක්වා ලියැලූ ලොයෙලා සහ දිනෙන් දින උහට වැඩෙන උහන

ඊයේ නිමාව දුටු ඩීඑස්අයි වොලිබෝල් පිටියේ වැඩි අවධානයකට ලක් වන අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාලක බාලිකා තරග පැවත්වුණා.එහිදී 17 න් පහළ බාලක අවසන් තරගයේදී මෙන්ම අවුරුදු 19 න් පහළ බාලිකා අවසන් තරගයේදි ද,ඩීඑස්අයි වොලිබෝල් අවසන් තරගවලට ආගන්තුක පාසල් මුහණු දෙකක් දකින්නට ලැබුණා.අවුරුදු 17 න් පහළ බාලක අවසාන තරගයේදී මීගමුව ලොයෙලා අවසන් තරග කෝඩුකාරයෝ වූහ.ගන්කන්ද විද්‍යාලීය බාලිකාවෝ 19 න් පහළ අවසන් තරගයට කෝඩුකාරීයෝ වූහ.
17 න් පහළ අවසාන තරගය සැමතින්ම විශිෂ්ඨ අවසන් තරගයක් විය.ලොයෙලා විද්‍යාලය සහ පන්නල ජාතික පාසලේ සටන වට පහක්ම ඇඳී ගියේ ජයග්‍රහණය දෙපසට පැද්දෙමින්ය.පන්නලට වට හතරකින් නිමා කරන්නට අවස්ථාවක් ආවද සිව්වන වටයේ ජයග්‍රහණය අත් නොහැරි නවක ලොයෙලා ක්‍රීඩකයින් එය හඹා ගොස් තහවුරු කර ගත්තේ 27 – 25 ක් ලෙසය.සමස්ත ලකුණු සටහන 22 – 25,25 – 19,17 – 25,27 – 25 සහ 15 – 12 ක් ලෙස යෛලාවට ජය හිමි වූ එම සටනේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මීගමුව ලොයෙලා විද්‍යාලයේ හිරුෂාන් පෙරේරා ය.දක්ෂතම පන්දු ඔසවන්නා බවට ලොයෙලාවේ මෙතුම් සන්නද ද සිල්වා තේරී පත් වූ අතර දක්ෂතම ප්‍රහාරකයා බවට පත් වුණේ පන්නල ජාතික පාසලේ නිපුන් ප්‍රමෝද් බණ්ඩාරයි.
අවුරුදු 17 න් පහළ බාලිකා අංශයේ දී හුංගම විජයබා පාසලට එරෙහිව නැඟී සිටියේ මේ තරගාවලියේදී වැඩි අවධානයක් දිනා ගත් ලංකාවේ පාසල් අතර බලවත්ම බාලිකා වොලිබෝල් බල ඇණිය බවට පත් වී සිටින උහන තිස්සපුර විද්‍යාලීය කණ්ඩායමක්ය.නමුත් අවුරුදු 15 න් පහළ සහ 19 න් පහළ දෙවැනි කරන්නට නොහැකි වූ තිස්සපුර බාලිකාවෝ 17 න් පහළ තරගයේ දි දෙවැනි කරන්නට විජයබා බාලිකාවෝ සමත් වූහ.දෙවන තරග වටය පමණක් 25 – 21 සේ උහන ට දුන් විජයබා කෙල්ලන් ඉතිරි වට තුන 25 – 15 ,27 – 25 සහ 25 – 19 ලෙස ජයග්‍රහණය කරන්නට සමත් විය.
පරාජය තුළ දි වුව උහන තිස්සපුර විද්‍යාලයේ ඩී.එම්.එස්.නිෂාදි දක්ෂතම ප්‍රහාරිකාව වූවාය.දක්ෂතම පන්දු ඔසවන්නිය වූයේ හුංගම විජයබා විද්‍යාලයේ හිරුනි ප්‍රබෝධා ය.දක්ෂතම ක්‍රීඩිකාව සේ ඇගයීමට ලක් වන්නට නෙත්මි දිව්‍යංජලී සමත් වූවා ය.
අවුරුදු 19 න් පහළ බාලිකා කුසලානය මෙවර උහනට අත් වූ දෙවන සූරතාවය විය.ඊට පෙර ඔවුන් පළමු දිනයේ 15 න් පහළ සූරියෝ වූහ.ඩීඑස්අයි තරගාවලියට කෝඩුකාර පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයට එරෙහිව ඔවුන් අත් කර ගත් ජය 3- 1 ක් විය.පළමු තරග වටය ගන්කන්ද ජය ගත්ත ද,ඉනික්බිති අත්දැකීම් සහිත තිස්සපුර ක්‍රීඩිකාවන් වඩාත් සැහැල්ලු හැසිරීමෙන් පවා ගන්කන්ද මත පීඩනය මුදා හැර ඉතිරි තරග වට 3 පහසුවෙන් ජය ගැනීමට සමත් විය.උහන තිස්සපුර විද්‍යාලයේ නායිකා සත්‍යා සෙව්වන්දි සහ චතුරි පූර්ණිමා තරගයේ සමස්තය සියතට ගෙන උහන පෙරමුණට රැඟෙන ගියහ.සත්‍යා දක්ෂතම ප්‍රාහරිකාව වෙද්දී චතුරි වයස් ඛාණ්ඩයේ පමණක් නොව වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද අභිෂේක ගැන්වුණාය.මේ තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස ඇගයීම් ලද්දදේ තිස්සපුර ආර්.පී.කේ.කල්හාරි ක්‍රීඩිකාවය.
වොලිබෝල් පිටියේ දැවන්ත බාලක කණ්ඩායම් සමඟ ඈදී කියවෙන වෙන්නප්පුව ජෝෂප්වාස් සහ සීදුව දවිසමර විදුහල් අවසාන තරගයේදී මුණ ගැසුණේ අවුරුදු 19 න් පහළ බාලක සූරතාවය තීරණය කිරීම සදහාය.එහිදී ජෝෂප්වාස් ක්‍රීඩකයින් කැපී පෙණෙන ආක්‍රමණයක නියැලෙමින් තරග වට 3 ම දවිසමර ක්‍රීඩකයින්ගෙන් උදූරා ගත්තේය.ලකුණු තත්ත්වය 25 – 19,25 – 10 සහ 25 – 20 විය. ජෝෂප් වාස් ජයග්‍රහණය වෙනුවෙන් 19 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වීම සඳහා සියලු සුදුසුකම් සපුරා සිටි කවිශ්ක චතුමාල් වසරේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට ද සමත් විය.හොඳම ප්‍රහාරකයා වූයේ ජෝෂප් වාස් හි දහම් චාමික ය.හොඳම පන්දු ඔසවන්නා වූයේ එම විද්‍යාලයේම රිෂාන් සෙනෙර ය.
තරගාවලියේ අවුරුදු 17 පහළ බාලිකා දෙවන සහ තෙවන තැන් පිළිවෙලින් වලස්මුල්ල ජාතික පාසල සහ උහුමීය ඩී.එස්.සේනානායක විද්‍යාල කණ්ඩායම් අත් කර ගත්තේය.ඉඹුලාන ශ්‍රී සේන ජාතික පාසල අවුරුදු 17 න් පහළ සූරතාවය දිනා ගත්තේ නව මාවතකට යළි වතුකරයේ පාසල් වොලිබෝලය හැරෙමින් තිබෙන බව පෙන් වූ උඩුපුස්සැල්ලාව Amherst Tamil Vidyalaya කණ්ඩායම පරාජය කරමින්ය.
19 පහළ බාලිකා අංශයේ තෙවන තැන හිමි වූයේ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය ය.ගම්පහ රත්නාවලී බාලිකාව සිව්වන තැනට පත් විය.බාලක අංශයේ තෙවැන්නන් සේ රාජසිංහ මධ්‍ය විද්‍යාලය ය.මාරවිල ශාන්ත කේෂ්වියර් විද්‍යාලය සිව් වැනි තැනට පත් විණ.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan