තවත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි !

Date:

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට වහාම සිය තනතුරින් ඉල්ලා අස්වෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත ජනතාවට පහසුකම් සැලසීම හා ප්‍රවාහන සේවය නඟා සිටුවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අවනත නොවීම මත කිංස්ලි රණවක මහතාට ලංගම සභාපති ධුරයෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතාමතාම ක්‍රියාත්මක නොකිරීම මීට ආසන්නතම හේතුව බවත් එම මාධ්‍ය ඒකකය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයේ පුරවර අදින් ඇරඹේ!

කොළඹ LNW: ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ...

රටේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකතු වෙන්න ඕනේ. රනිල්ට නායකත්වය දෙන්න පුළුවන් – වජිර

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකම...

මමත් බඩු පටවනවා. හෙට අනිද්දම යනවා – මෛත්‍රී

කොළඹ LNW: ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල...

සජිත් – නාමල් එකම කිරුළට!

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ...