ස්ප්‍රිංවැලිය කඳුළින් තෙමා නිහඬ වූ යසාරා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 02 දින,හදිසියේ අසනිපව රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව යසාරා හංසමාලි ගුණසේකර (28) ජිවිතයට සමුදුන්නාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට සහභාගි වීමට කොළඹ ගිය ඇය ඇයටත් හොරා තම ආදරණීයයන්ගෙන් මෙලෙස වෙන්ව ගියාය.

යසාරා බදුල්ල ස්ප්‍රිංවැලි පාසල් පෙදෙස පදිංචිව සිටි අතර , ගැහණු දරුවන් දෙදෙනකු සිටින පවුලේ වැඩිමහල් දරුවා ඇයයි. කුඩා කල සිටම ඉතාමත් නිහඬ චරිතයක් වූ යසාරා ඉගෙනීමට ද දක්ෂ දරුවෙකි.

ඇයගේ මව වන සන්ධ්‍යා මහත්මිය බදුල්ල මහ නගර සභාවේ රාජකාරියේ නිරත වන අතර පියා ගාමිණී ගුණසේකරය. ඇයගේ අනෙක් සොහොයුරිය ද කොළඹ සරසවියේ මේ වනවිට අධ්‍යාපනය හදරාමින් සිටි. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිප් සතර හැදෑරු යසාරා විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමෙන් පසු කැළණිය විශ්වවිද්‍යාලයටත ඇතුළු වන්නේ 2017 වසරේදි්ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර ඇය මියයන විට ගතව තිබුණේ මාස දෙකක පමණ කාලයක් වීම ඉතා වේදනාකාරී සිදුවීමකි.

යසාරා අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුරදීම රැකියාවක් සඳහා පෞද්ගලික ආයතනයකට ඇය විසින් යොමුකරන ලද ඉල්ලුම් පතකට අනුව ඒ සඳහා පැවැත්වෙන සම්මුඛ පරික්ෂණය සඳහා පැමිණෙන ලෙස ඇයට මෙම සිදුවිමට දින කිහිපයකට පෙර දැනුම්දීමක් කර ඇත. ඒ අනුව යසාරා ස්ප්‍රිංවැලි නිවසේ සිට කොළඹ යන්නේ එම සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගි වීමටය. එම සම්මුඛ පරික්ෂණයේ මුලික කොටස නිමවුවත් ඇයට තවත් දවසක් දෙකක් කොළඹ නතරවීමට සිදුවන්නේ එහි තවත් අදියරක් පැවැත්වෙන නිසාවෙනි.

සම්මුඛ පරීක්ෂණයේ තොරතුරු පිළබඳව තම පියාට දැන්වීමෙන් පසු පියා විසින් තමාගේ ළඟම හිතවතෙකු ගේ නිවසක එම දින කිහිපය නතරවීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නද, ඇය එහි නොගොස් තම සරසවි යෙහෙළියන් සිටින නේවාසිකාගාරයේ එම දින දෙක තුන නතරව සිටිමට තිරණය කර ඇත. ඒ අනුව ඇය සම්මුඛ පරික්ෂණය නිමාවෙන් පසු (01) දින පස්වරුවේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බව වාර්තාවේ.

පසුව, ඇයගේ යෙහෙළියෝ සඳහන් කළේ , යෙහෙළියන් සමග කාලය ගත කරමින් සිටින අතර හදිසියේම ඇතිවු අසනිප තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලබාදිමට ඇයගේ යෙහෙළියන් රාත්‍රි 10.30 ට පමණ ඇයව රාගම රෝහලට රැගෙන යාමෙන් පසු එම රෝහලේ වාට්ටු අංක 22 ඇතුළත් කළ බවයි.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදි, පසුගිය (02) දින දහවල් 1130 ට පමණ යසාරා මියගොස් ඇති අතර , මේ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් (03) දින සිදුකිරිමෙන් අනතුරුව ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් රාගම රෝහලේ හදිසි මරණ පරික්ෂක ප්‍රියංකර ලාල් මහතා විසින් මෙම තරුණියගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දෙමින් , සිරුරෙ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස දන්වා , අනතුරුව ඇයගේ දේහය සහෝදරිය හා මව වෙත භාරදි ඇති බව සඳහන් වේ.

එලෙස භාරගත් යසාරාගේ දේහය පෙරේදා (03) රාත්‍රි 11 ට පමණ ඇයගේ ස්ප්‍රිංවැලි නිවසට රැගෙන ගොස් ඇත, පසුව යසාරා නම් මෙම අහිංසක තරුණියට සිදුවු මෙම අවාසනාවන්ත සිදුවිම පිලිබඳව කනවැකුණු බොහෝ පිරිසක් වැල නොකැඩී එම නිවසට පැමිණ ඇත්තේ, ඇයට අවසන් ගෞරවය දැක්විමටය.

මියගිය යසාරා සමන්මලි ගුණසේකරගේ අවසන් කටයුතු ඊයේ දින (04) පස්වරුවේ ස්ප්‍රිංවැලි පොදු සුසාන භුමියේදි සිදු විය. දහසක් බලාපොරොත්තු මැද තව බොහෝ දුරක් යාමට පෙරුම් පිරූ ඈ, තම දෙමව්පියන්ගේ සහ ආදරණීයයන්ගෙන් කඩා හැලෙනා කඳුලු සෝසුසුම් මැද සැමට ජීවිතේ අනියත නැවත නැවතත් පසක් කරමින් තම තාරුණ්‍ය අභියස සිට කිසිවක් නොකියාම මෙලෙස මිහිදන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය