*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

උපුල් තරංග, ඉදිරි ක්‍රිකට් ගමන තීරණය කරන තරංගයක් වෙයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කළ නම් අතරින් නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයෙක් ද වන උපුල් තරංග තෝරා ගත් බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.විශිෂ්ඨ පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ උපුල් තරංග වාර්තාගත සබදතා ගණනකාවටම විශේෂයෙන් එක්දින සහ විස්සයි විස්ස තරග කේෂ්ත්‍රය තුළ සිය නම ඇතුළත් කර ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.
මේ වන විට ඔහු ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙස කැපී පෙනෙන අතර තරංග තවමත් 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ සමුගැනීම සඳහා කළකිරීම දැඬිව බල පෑ බව ප්‍රසිද්ධ රහසක්ව පවතිනවා.


අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි තරංග දේශපාලනික අතුරු කමිටුවල බලපෑම මත සිය ක්‍රිකට් ජීවිතයේ දැඩී පීඩනයකට මුහුණ දෙන්නට සිදු වූ ක්‍රීඩකයෙකි.2011 දී ශ්‍රී ලංකාවට ද සත්කාරකත්වය හිමිව තිබූ ලෝක කුසලාන තරගාවලියේදී තරංග තහනම් උත්තේජන භාවිතාවට වරදකරු වෙමින් සුළු කාලයක තරග තහනමකට යටත් වූවා.එවකට පැවති අතුරු කමිටුවේ ආශිර්වාදය ඇතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කිසිඳු පිළිගත් වෛද්‍ය ක්‍රමයක සහතිකයක් නැතුව වැජඹුණු ඒලියන්ත වයිට් විසින් ලබා දුන් ඖෂධ හරහා තරංගට එම තහනම් උත්තේජන ඇතුළු වෙන්නට ඇති බව එවකට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියාව සිටි,දේශපාලන නායකයන්ට පහසුවෙන් හැසිරවිය හැකි ගීතාංජන මෙණ්ඩිස් වෛද්‍යවරයා එම තනතුරෙන් ඉවත් කළ පසුව ප්‍රකාශ කරන්නට යෙදුණා.
ඉකුත් කොවිඩ් වසංගත සමයේද විවිධ විශ්ව ශක්තීන් හරහා රෝගය සුවපත් කිරීමේ උත්සාහයන් සමඟ වයිට්ගේ නම කරළියට ගැනීමට දේශපාලන ආශිර්වාදය ඇතුළේ මාර්ගය සැකසුණු අතර යම් ආදායම් ඉපයීමේ ක්‍රියාමාර්ගද තැනෙමින් තිබියදී ඔහු කොවිඩ් රෝගී තත්ත්වයෙන්ම ජීවිතක්ෂයට පත් වුණා.ඒ නිසා උපුල් තරංග ලංකාවේ දේශපාලනයේ ද,දේශපාලනය හරහා පත්වන අතුරු කමිටුවල සහ පිළිගත් ආයතනික ව්‍යහුයන්වලට මුහුණ දෙන්නට වන දේශපාලනික බලපෑම්වල ඛේදණිය තත්ත්වයන්ගේද කාරනා විමසා බැලිය හැකි සාධකයක් ලෙසද ගත හැකි වෙනවා.


තරංගට ටෙසට් පිටියේ වැඩි අවස්ථාවන් හිමි නොවුණු අතර ලැබුණ ටෙස්ට් තරග 31 තුළ ඔහු ශතක 3 ක් සහ අර්ධ ශතක 8 ක් සමඟ ලකුණු 1754 ක් ලබා ගනිමින් ලකුණු 31.89 ක සාමාන්‍යයක් තබා ගන්නටත් සමත් වුණා.එක්දින පිටියේ දී වඩාත් කැපී පෙණුන තරංග එහිදී තරග 235 ට මුහුණ දී ශතක 15 සහ අර්ධ ශතක 37 ක් සමඟින් ලකුණු 6951 ක් රැස් කර සාමාන්‍ය 33.74 ක් රදවා ගන්නට සමත් වී තිබෙනවා.
දැනට කණ්ඩායමේ සිටිව සියලුම ක්‍රීඩකයන් සමඟම පාහේ ක්‍රීඩා කර අත්දැකීම් ඇති තරංග සිය පළමු පෙළ තරග විශ්‍රාමය ප්‍රකාශ කරේ මෑතකදීයි.ඒ නිසාම ක්‍රිඩකයින් සමඟ ඇති සුහදතාවය සුරකින අතරේම සිය වෘත්තියට සාධාරණයක් ඉටු කිරීමේ හැකියාව ඔහු ක්‍රියාකරන ආකාරය අනුව අභියෝගයක් වීමට මෙන්ම පහසුවක් වීමටත් ඉඩ තිබෙන්නේ ඔහුගේ තීරණ අනුවයි.


පීඩනයන් පාලනය කර ගැනීම ක්‍රීඩාවෙන්ද ජීවිතයෙන්ද උගත් අයෙක් ලෙස හැදින්විය හැකි උපුල් තරංගට හෙට දවසේ සෙසු සාමාජිකයින් ලෙස කවුරුන් පත් වේද යන්නත් ඔහුගේ තනතුරට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමණටත් එක සේ බලපානු ඇතැයි සිතිය හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan