*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ඇමෙරිකානු වෙළඳපොළ ජය ගැනීමේ වැදගත්කම!

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW : ලංකාව පමණක් නොව ඔිනෑම රටක ප්‍රධානම ජයග්‍රහණය නම් අපනයන වෙළෙද පොළ ජයගැනීමය. ලංකාව රටවල් 201 කට  අපනයන සපයයි. ඉන් ප්‍රමුඛතම රට වන්නේ ඇමෙරිකාවය. එරට වෙළෙදපොළ ලොව අපනයනකරුවන්ගේ තියුණුම සටන් බිමය. ඒ තුළ එය ජයගැනීම පහසු නැත. එහෙත් කැපවන අයෙකුට එය ජයගැනීම අසිරු වන්නේ ද නැත.

ලංකාවේ අපනයන වලින් 26% ක් යන්නේ ඇමෙරිකාවටය. එහි ඩොලර් වටිනාකම 2022 දී බිලි 3. 3කි. ඇගළුම් රබර් නිෂ්පාදන තේ හා කුළුබඩු ඉන් මූලිකය. ලංකාවේ ඇගළුම් ඇමෙරිකාවේ  05% ක වෙළෙදපොලක් දිනාගනිද්දී  ලංකාව ලොව සිව්වන තේ නිෂ්පාදකයා වුවද ඇමෙරිකානු වෙළෙදපොළින් ජයගෙන ඇත්තේ  දශම 7% කි. රබර් නිෂ්පාදන වලින්  දශම 8 % කි. තවද අපගේ විවිධ යන්ත්‍රෝපකරණ හා බොයිලේරු වලට ද ඇමෙරිකාවේ ඉඩක් පවතී. ඇමෙරිකාව වසරකට භාණ්ඩ හා සේවා ඩොලර් ට්‍රිලියන 3 . 95 ක එනම් ඩො බිලි 3958 ක භාණ්ඩ හා සේවා ආනයන සිදුකරයි.  ලංකාවෙන් ලබාගන්නේ ඩො බි 3 . 3 ක දේ පමණි.

ඉන් 70% ක් එනම් ඩො බිලි  2 . 3 ක් ලැබෙනුයේ ඇගළුම් වලිනි. එය ඇමෙරිකානු ආනයනයෙන් දශම 0. 6% කි. 2013 සිටම පවතින පසුබිම එයය. ඇමෙරිකාව කෝවිඩ් වලින් පසු උපක්‍රම හරහා ආර්ථිකය වර්දනය කරගත් පසු ඩො බිලි 1570 ක ආනයන වැඩිකරගෙන තිබුණ ද ලංකාව දිනාගෙන ඇත්තේ ඉන් ඩො බිලි 1 . 7 කි. එය තවත් ඉහළ දමාගැනීමට වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ තානාපති නිලධාරීන් කරන කැපවීම අතිමහත්ය. ඇමෙරිකානු වෙළෙද පොළින්  අදට වඩා උපරිම ධාරිතාවක් ලංකාවට  දිනාගැනීම ඉලක්කය වේ. එය ඇගළුම් හා සියලු භාණ්ඩ හරහා ලබාගැනීම අරමුණ වේ.එවිට අද ලංකාව වසරකට ඇමෙරිකාවෙන් ලබන ඩො බිලි 3 . 3 තවත් ඉහළ යනු ඇත.

ආනයන අපනයන ඝනණය කරනුයේ HS Code වලිනි. ඇමෙරිකාවට එම කෝඩ් වලින් 4500 ක් ආනයනය කරන අතර ඉන් 3900 ක් ලංකාව නිපදවයි. එහෙත් එරටට අපනයනය කිරීමට ලංකාවට ලැබී ඇත්තේ ඉන් අඩු සංඛ්‍යාවකි. භාණ්ඩ නිපදවුවාට මදිය. ඇමෙරිකාව වැනි ලොව ඉහළම පරිභෝජන සමාජයක් ජයගැනීමට නම් ඉහළම ප්‍රමිතිය,අගය එකතු කිරීම, නිමාව, තරඟකාරීත්වය මෙන්ම නව තාක්ෂණය වැනි අංග ද අත්‍යවශ්‍යය.

ලංකාවේ භාණ්ඩ 100 ක් සියලු රටවලට  අපනයනය කොට ආදායම අපනයන ආදායමෙන් 74% කි. ඉතිරි සියලු අපනයන භාණ්ඩ වලින් ලැබෙන ආදායම සමස්ත අපනයනයෙන් 26%කි. එනම් ඉතිරි භාණ්ඩ 2800 න්ම ලබනුයේ ඩො බිලි 3 . 3 ක ආදායමකි. මේ වසරේ අපනයනය ලොව පුරා සෑම රටකම මෙන්ම ලංකාවේ ද අඩුවී තිබේ. ලෝක ආර්ථික අවපාතය හා මුදල් හිඟකම තුළ ඇදුම් වලට ඇති ඉල්ලුම අඩුවීම ලංකාවට බලපා තිබේ. තවද දකුණු ඇමෙරිකානු රටවල් වලට හැර ලංකාව හා සෙසු රටවලට GSP බදු සහනය ඇමෙරිකාවෙන් ලැබෙන්නේ නැත. ඇමෙරිකාව සමග ලංකාවට නිදහස් වෙළෙද ගිවිසුමක් නැතිවීම ඊට හේතුවය. ජනපති රනිල් ගේ මගපෙන්වීම මත තානාපති මහින්ද ඒ සඳහා  කැපවීම රටට වාසිදායක වනු නියතය.

අභියෝග ජයගැනීමට ඇමෙරිකානු තානාපති කාර්යාලීය නිළධාරීන් සූදානම්ය. වෙනමම ඒකකයක් ද ඊට තිබේ. වොෂින්ටන් තානාපති කාර්යාල වෙබ් අඩවියෙන් සබදතා වර්දනය කරගැනීමේ පහසුකම් සපයා  තිබේ. ඇමෙරිකාව තුළ වැඩිපුර අලෙවි කල හැකි භාණ්ඩ, ඒවායේ ප්‍රමිතිය ලබාගත යුතු සහතික, එරට බදු පුතිපත්ති හා විශේෂයෙන් ඇනවුම් නොපමාව ලබාදීම වැනි උපදෙස් ලබාදීමට  වොෂින්ටන් තානාපති අංශ සුදානම්ය.

 නිව්යෝර්ක් හි BCIU සංවිංධානය හරහා ඇමෙරිකාවේ ඉහළම සමාගම් 28 ක් ඇතුළු 45 ක් එකම තැනකට ගෙන එමින් ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 18 ක් හා බද්ධ කළහ. තවද තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස මෑතකදී මෙක්සිකෝවේ කල සංචාරයකින් එරට නි: විදේශ ඇමති හා අත්සන් කල ගිවිසුම හා එරට වානිජ මණ්ඩල සමඟ ඇතිකර ගත් එකගතා මත දැනට ලංකාව වසරකට අපනයනය කරන ඩො මි 200 වඩාත් උපරිම කරගැනීමට උත්සාහ කෙරේ.

තවද ඇමෙරිකාවේ ලාස්වෙිගාස්, නිව්යෝර්ක් හා ඇමෙරිකාවේ පවත්වන ප්‍රධානම වෙළෙද ප්‍රදර්ශන වලට සහභාගීවීමේ ඉඩකඩ විවර කොට ලංකාවේ ඇගළුම් හා ප්‍රමුඛ අපනයනයන වලට ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේ වැඩි අවස්ථා විවර කරදීමට වොෂින්ටන් තානාපති  මහින්ද ප්‍රමුඛ පිරිස කැපවෙති. දෙරට අතර ව්‍යාපාරික දූත පිරිස් හුවමාරු හරහා අත්දැකීම් ලබාගැනීමේ පසුබිමක් ද ක්‍රියාත්මකය.

තවද තානාපති මහින්ද සමරසිංහ මහතා පෙරනොවූ ලෙස ඇමෙරිකාව තුළ ගොඩනගා ඇති ඉහළම පෙළේ දේශපාලන, නිලධාරී තන්ත්‍ර හා ප්‍රමුඛම ව්‍යාපාරික ප්‍රජාව හා සබඳතා හේතුවෙන් ලංකාවට දැවැන්තම වාසියක් වනු නියතය. නි: දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඔගොල්ල අමාත්‍ය ( වානිජ) චරිත් යත්තේගොඩ ඇතුළු තානාපති නිලධාරීන් ද මේ සදහා කැපවෙති. එම නිලධාරීන් ජාතික රූපවාහිනියේ Connect Sri lanka වැඩසටහන තුළින් ද ඊට පදනම දැමීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan