2030 වන විට සියළුම දරුවන්ට ‍නොමිලයේ දිවා ආහාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 වසරට සාපේක්ෂව, 2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 55ක වැඩිපුර මුදලක් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ‍වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (05) පාර්ලිමේන්තුවේ සඳහන් කළේය.

අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සාධක වන පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් නියමිත වේලාවට ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම වසර 2030 වන විට සියළුම දරුවන්ට ‍නොමිලයේ දිවා ආහාරය ලබා දීම තම ඉලක්කය බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසන අතර, ඒ සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පවසා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසූවේ, අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...