*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාස 20 කට පසු ඉහළට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාස විස්සක අඛණ්ඩ පහත වැටීමකින් අනතුරුව 2023 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 50.0ක කඩ ඉම් මට්ටමට ලඟා
වී ඇත.

මෙහිදී, රජය විසින් අත්හහිටුවා තිබු ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති සීමිත වශයෙන් නැවත ආරම්භ කරනු ලැබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් සඳහන් කරනු ලැබීය.

කෙසේ වුවද, වර්තමානයේ ක්‍රියාත්මක බොහෝ ව්‍යාපෘති ඒවාමේ අවසන් භාගමේ පවතින බැවින් සමස්තයක් වශයෙන් ඉදිකිරීම් කර්මාන්තයේ දැනට පවතින වැඩ ප්‍රමාණය අඩු මට්ටමක පවතී.

මේ අතරතුර, ඔක්තෝම්බර් මාසයේදී නව ඇණවුම් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් පහත වැටී ඇත. තවද, තරමක් ඉහළ වටිනාකම්වලින් යුත් ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් අවස්ථා ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් සඳහන් කරන ලද අතර, ඉන් බොහොමයක් ඉදිරි වසරේ ප්‍රථම භාගයේදී වැඩ අරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති වේ.

පවතින තත්වය මත ඉදිකිරීම් සමාගම් සීමිත සේවක සංඛ්‍යාවකින් සිය කටයුතු කරගෙන යාම හේතුවෙන් සේවා නියුක්තිය ද තවදුරටත් පහළ මට්ටමක පැවතුනි.

තවද, බලශක්තිය ආශ්‍රිත වියදම් ඉහළ යාම සිය කටයුතුවලට අහිතකර ලෙස බලපා ඇති බව මේ සඳහා ප්‍රථිචාර දක්වන්නන් ප්‍රකාශ කරන ලදී.

මේ අතරතුර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඔක්තෝබර් මාසය තුළදී සුළු වශයන් ඉහළ යන ලදී.

ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පැවතීම සහ වයාපෘති කටයුතු වල බලාපොරොත්තු වන වර්ධනය තුළින් ඉදී මාස තුන තුළ ඉදිකිරීම් කර්මාන්තය සඳහා වන අපේක්ෂා ඉහළ මට්ටමක පවතියි.


කෙසේ වුවද, බලශක්තිය හා ආශ්‍රිත වියදම් ඉහළ යාමේ ප්‍රවණතාවය සහ සිදුකිරීමට නියමිත බදු සංශෝධන මගින් ඉදිකිරීම් කර්මාන්තයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ ප්‍රතිචාර දක්වන්නන් අවධාරණය
කරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan