*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ළඟදීම මේ පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා – NPP නීතිඥයෝ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුව අද (05) දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී  පැවැත්වුණු අතර එහිදී ,  ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ කාන්තාවෝ විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර ඔවුන් එය පිළිකුලෙන් යුතුව හෙලා දැක්විය.

එහිදී අදහස් දැක්වූ නීතිඥ නිලන්ති කොට්ටහච්චි,

” කාන්තාවන්  රටේ ළමුන් සහ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පය ජාත්‍යන්තර වශයෙනුත් පැහැදිලි වුණා. මේ ප්‍රහාර හෙළාදැකීමෙන් පමණක් ජාතික ජන බලවේගය නතර වන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා.

විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ කෙනෙක් හැටියට ලැබූ අත්දැකීම මුලින්ම කියන්න කැමතියි. අපි සියලු දෙනා සාමකාමීව රැස්වී සටන් පාඨ හඬනඟා කියමින් ජනතාවට වගේම පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට මේ රටේ කාන්තාවන්ගේ කනගාටුදායක තත්වය පිළිබඳව අවධානයට ලක්කළා.

සාමකාමී විරෝධතාවයේ අවසානය සනිටුහන් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හරිනි සහෝදරිය, සමන්මලී සහෝදරිය සහ සරෝජා පොල්රාජ් සහෝදරිය ප්‍රමුඛව කාන්තාවන් ඇමතීමට සූදානම්වනවාත් එක්කම ජල ප්‍රහාර එල්ලකළා. ජල ප්‍රහාර හමුවේ ඇඳිවත පවා රැකගත්තේ ඉතාම වෙහෙසක් දරලයි.

කාන්තාවන් කියන්නේ රටක පරපුරක් ඉදිරියට ගෙනයන පිරිස. ඒ වගේම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩිම දායකත්වයක් සපයන්නෙත් කාන්තාවන්. අපි සියලුම දෙනා ගැහැනුන් කියන පීඩනයට පත්වූවන් ලෙසයි අපි විරෝධතාවයට සහභාගී වූයේ. පවුලක් නඩත්තු කරමින් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම දරාගත නොහැකි පීඩාවක් වී තිබෙනවා.

වැවිලි කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ විදේශ රැකියා ක්ෂේත්‍රවල කාන්තාවන් සක්‍රීයව සුවිශාල දායකත්වයක් ලබාදෙනවා. පාර්ලිමේන්තුව තුළ 5.3%ක් වූ කාන්තා නියෝජනයෙන් මෙ රටේ කාන්තාවන්ගේ හඬ අවශ්‍ය ආකාරයට මතුවෙන්නේ නැහැ. 1948න් පසු ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛන තුළ ගතානුගතික සහ ගෝත්‍රික ආකාරයෙන් මුදල් වෙන්කර තිබෙනවා. ඒ තුළ කාන්තාවන්ට ලබාදී තිබෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක් පමණයි.

විරෝධතාව පැවති අවස්ථාවේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කරන්න හෝ පොදු මහජනතාවගේ ගමනාගමනයට  ඉතා කුඩා හෝ බාධාවක් පමුණුවන්න අපි ක්‍රියාකළේ නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා පමුණුවන්නත් අපේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ.

සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් මේ ආණ්ඩුව එයට ඉඩදෙන්නේ නැහැ. ජල ප්‍රහාර එල්ල කළේ ඒ නිසයි. රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික මූල ධර්මයක් ලෙස පවුල පිළිගෙන තිබෙනවා. නමුත් එම වැදගත්ම ඒකකය අමතකකොට දමා කටයුතු කළ ආකාරය, ළමුන් සහ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පය ජාත්‍යන්තර වශයෙනුත් පැහැදිලි වුණා. මේ ප්‍රහාර හෙළාදැකීමෙන් පමණක් ජාතික ජන බලවේගය නතර වන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පොලිස් ආඥා පනත සම්බන්ධයෙන් මූලික මගපෙන්වීමක් ජනතාවට ලබාදෙන්නත් ක්‍රියාකරනවා. නීතිය ක්‍රියාත්මක කරවන්නන් හට එමගින් නීතිය පැහැදිලි කර දෙන්නත් අපේක්ෂා කරනවා. ඊයේ එල්ල කළ සාහසික ජල ප්‍රහාරයත් සමග තහවුරු කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් යුක්තිගරුක දේශයක් නොවෙන බවයි. මේ ආණ්ඩුව තවදුරටත් පාලනයේ සිටීමට සුදුසු නැහැ. මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා ගැහැනුන්ගේ ශක්තියට නිසි ඇගයීමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා” ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan