වගාවට හානි කරන සතුන්ට ඕනෙම දෙයක් කරන්න – කෘෂි ඇමති ලාල් ගොවීන්ට කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වගාවන්ට හානි කරන රිලවුන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නැයි ගොවීන්ට කියා සිටින බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“රිලා ප්‍රශ්නය බරපතළම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බොහෝ අය ඇත්තටම කතා කරන්න පටන් අරන් තියෙනවා මේක රිලා ත්‍රස්තවාදයක් කියලා. මේ වෙලාවෙ ගොවි ජනතාවට කියන්න ඕනෙ කාරණයක්, තමන්ගෙ වගාවට හානි කරන මේ සත්තු, වගාවට වන හානි සම්බන්ධයේදී තමන්ගෙ ඉඩම තුළදී ගොවිපල තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නෑ. ගන්න පුළුවන් ඕනෙම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි එක පැත්තකින් කියනවා. ඒ අතර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය වගකීම භාරගෙන තියෙනවා, මේ ප්‍රශ්නය අපි වැඩිකල් යන්න කලින් විසඳනවා කියන පණිවිඩය අපි දෙන්න කැමතියි”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...