වගාවට හානි කරන සතුන්ට ඕනෙම දෙයක් කරන්න – කෘෂි ඇමති ලාල් ගොවීන්ට කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වගාවන්ට හානි කරන රිලවුන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නැයි ගොවීන්ට කියා සිටින බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“රිලා ප්‍රශ්නය බරපතළම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බොහෝ අය ඇත්තටම කතා කරන්න පටන් අරන් තියෙනවා මේක රිලා ත්‍රස්තවාදයක් කියලා. මේ වෙලාවෙ ගොවි ජනතාවට කියන්න ඕනෙ කාරණයක්, තමන්ගෙ වගාවට හානි කරන මේ සත්තු, වගාවට වන හානි සම්බන්ධයේදී තමන්ගෙ ඉඩම තුළදී ගොවිපල තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නෑ. ගන්න පුළුවන් ඕනෙම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි එක පැත්තකින් කියනවා. ඒ අතර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය වගකීම භාරගෙන තියෙනවා, මේ ප්‍රශ්නය අපි වැඩිකල් යන්න කලින් විසඳනවා කියන පණිවිඩය අපි දෙන්න කැමතියි”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...