*
Monday, January 13, 2025
spot_img

Latest Posts

දෙපිළටම සමබර දවසක්

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 06 ,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය දෙපීලටම සමබර දිනයක්ව අවසන් වුණා.තරගය ආරම්භයේදීම ලකුණු පූවරුව නොසෙල්වී තිබියදීම පළමු කඩුල්ල බිඳ වැටුණා.ලකුණු 32 ක් ව තිබියදි දෙවන කඩුල්ලත්,44 දී තෙවන කඩුල්ලත් බිඳ වැටුණු දකුණු අප්‍රිකාවට මේ තරග වාරයේ අලුත් ඉපදීමක් ලද සිය නායක ටෙම්බා බවුමාගේ මැදිහත්වීමත්,රයන් රිකෙල්ටන්ගේ විශ්වාසය තහවුරු කිරීමත් මැද සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සබඳතාවයක් එකතු වෙනවා.


මාස ගණනක් පිටියෙන් පිටත සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරගාවලියට එකතු වෙන බවුමා,සිය ආබාධය සුවපත් කර ගැනීමට වෙහෙසෙමින්,නැවත යථා තත්ත්වයට පත්වන කාලය තුළ,පිතිකරණයේද තිබුණු ආබාධ සුවපත් කරගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා.ලකුණු 78 ට ඔහු දැවුණත්,කිසිඳු ලකුණක් ලකුණු පූවරුවේ නොතිබි මොහොතේ පිටියට පිවිසි රිකෙල්ටන් ලකුණු පූවරුව 263 ක් වන තෙක්ම කඩුල්ලේ සිට ලකුණු 101 ක් රැස් කර ගන්නට සමත් වෙනවා.
දිනය නිමා වන විට ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 269 ක් ව පැවතියා.අංක හත පිතිකරු ලෙස පිටියට පිවිසි කයිල් වෙරෙයිනි නොදැවී ලකුණු 48 ක් ලබා පසු පෙළට ශක්තිය දෙමින් කඩුල්ලේ රැදී සිටීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට තව ලකුණු ප්‍රමාණයක් කරා යාමට ආශිර්වාද කිරීමක් ලෙස හැඳින්විය හැකියි.ශ්‍රී ලංකා පන්දු යවන්නන් කල්පනාවෙන් වෙනස් කර ගත යුත්තේ එයයි.


දිනයේ වැඩිම කඩුලුලාභියා වුණේ ලහිරු කුමාරයි.ඔහු ලකුණු 54 ට කඩුලු 3 ක් ලබා ගැනීමට සමත් වුණා.අසිත ප්‍රනාන්දු ලකුණු 67 ක් දී කඩුලු 2 ක් දවා ගෙන සිටිනවා.ඒ දැවී යාම් ඔවුන් කෙරෙහි එක් වන්නට ලකුණු ලබා ගැනීමට දුෂ්කර වන සේ විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය ඇති කරන බලපෑමත් හේතු වෙනවා.විශ්ව ලකුණු 46 ට එක් කඩුල්ලක් සහ ජයසූරිය ලකුණු 74 ට එක් කඩුල්ලක් ලබා සිටිනවා.යම් තරමකට පන්දු යවන්නන් සාර්ථකව ක්‍රියාත්මක වන තරගයේ දකුණු අප්‍රිකාව ලබන ලකුණු ගණන ගැන ප්‍රමාණවත්ද,නැද්ද යන්න තීරණය කරන සාධකය අපට හමුවන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණය මතයි.
ලකුණු පූවරුවට පිවිසෙන්න → https://es.pn/4fZABBh

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan