බාර් ලයිසන් ගාස්තු වැඩිකළ ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය රජය විසින් මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තුව වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (දෙසැම්බර් 06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ, ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමිනි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණි.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කරුණු දක්වා ඇත්තේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩිකළ බවටත් බලපත්‍ර වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩිකිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවටත් ය.

ඒ අනුව මෙයින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...