දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල්ගේ බලතල කඩිනමින් අත්හිටුවන ලෙස කොරියාවේ පාලක පක්ෂ ප්‍රධානියා ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පසු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට විශ්වසනීය සාක්ෂි ඇති බවට තොරතුරු උපුටා දක්වමින් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල්ගේ බලතල කඩිනමින් අත්හිටුවන ලෙස කොරියාවේ පීපල් පවර් පක්ෂයේ ප්‍රධානියා වන හැන් ඩොං-හූන් සඳහන් කර තිබේ.

හැන් ඩොං-හූන් විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවමින් සඳහන් කර තිබුණේ, ජනාධිපති යූන් සුක් ප්‍රධාන දේශපාලන නායකයින් රාජ්‍ය විරෝධී බලවේග ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ බලමුලු ගන්වා ආරක්ෂක ප්‍රති-ඔත්තුසේවා අණදෙන නිලධාරියාට නියෝග කළ බවට විශ්වසනීය සාක්ෂි තමා සතුව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ Yonhap පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, හැන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලී ජේ-මියුන් ඇතුළු ඉහළ පෙළේ නීති සම්පාදකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස යූන් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. කෙසේ නමුත් මේ වන විට ජනාධිපති යුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ක්‍රියාත්මක කිරීමට සාකච්ජා වෙමින් පැවතියි.

යුද නීති නියෝගය නිකුත් කළ දා සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි යූන් එවැනි නියෝගයක් ලබා දී නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.

රාජ්‍ය විරෝධී බලවේග සහ උතුරු කොරියානු හිතවාදීන්ගේ තර්ජන උපුටා දක්වමින් ජනාධිපති යූන් පසුගිය අඟහරුවාදා දකුණු කොරියාව පැය හයක් පමණ යුද නීතිය යටතේ තබන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...