රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :
ඉකුත් දා ඇතිවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් රටේ විදුලිබල පද්ධතියට දැඩි හානි සිදුවූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
හදිසි ආපදා තත්වය හේතුවෙන් ලක්ෂ 39ක පමණ විදුලි පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල වූ බව , ඒ මහතා පවසයි.
ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වූ බවත් , බිඳ වැටුණ සම්බන්ධතා යළි ලබාදීමේ කටයුතුවලට එක්ව සිටි එක් විදුලි සේවකයෙකුට ද ජීවිතය අහිමි වූ බවත්, ඒ මහතා කියා සිටී.

