විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ පරාජිතකම විසින් අත් කර දුන් ව්‍යසනකාරී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටියදී ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩකයින් වන විරෙන් නෙත්තසිංහ සහ දුමිදු අබේවික්‍රම පිළිවෙළින් ඉන්දියාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලංකාව දෙසට අවධානය යොමු කරවන සුළු ජයග්‍රහණ ලබා දෙන්නට සමත් වෙනවා.


බැඩිමින්ටන් ලෝකයේ වැඩි අවධානයක් දිනා ගන්නා තරගාවලියක් වන යොනෙක්ස් – සන්රයිස් ගුවහාටි තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාවේ ප්‍රබලම ක්‍රීඩකයින් සමඟ තරග වඳින විරෙන් තෙවන වටය දක්වා පැමිණියා.ඉන්දියාව වැනි ජාත්‍යන්තර බැඩිමින්ටන් ක්‍රීඩාවේ විධිමත් සැළසුමක් සහිත සංස්කෘතියක් සමඟ ක්‍රියාත්මක රටක සෑම ඉන්දියානු ක්‍රීඩකයෙක්ම අභියෝග ලෙස සැළකිය හැකි අතර විරෙන් 16 දෙනාගේ වටයේදී පරාජය ලබන තෙක් තරග දෙකක් ජයග්‍රහණය කරන්නට සමත් වුණා.ඔහු සනීත් දයානන්ද් අතින් 16 දෙනාගේ වටයේදී 21 -18 සහ 23 – 21 ලෙස පරාජය භාර ගන්නට සිඳු වුණා.


දුමිදු තරග වැදුනේ යොනෙක්ස් කැනේඩියානු ජාත්‍යන්තර තරගාවලියේදී වන අතර ඔහු එහිදී අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වුණා.ලොව ශ්‍රේණිගත කිරීම්වල 93 වන තැන සිටින කැනඩාවේ ජොසුවා න්ගුයේන් හමුවේ දුමිදු ආබාධිත තත්ත්වය මත තරගයෙන් ඉවත් වූ අතර අවසන් 16 තෙක් ඉදිරියට පැමිණි සටන්කාමී විලාශයෙන් එම තරගයට මුහුණ දීමට ඔහුගේ ආබාධ තත්ත්වය ඉඩ දුන්නේ නැහැ.ඒ නිසා ප්‍රථම වටය 21 – 5 ක් ලෙස නිමා වූ අතර දෙවන වටයදෙී 16 – 5 ක් ලෙස තිබියදී දුමිදු තරගයෙන් ඉවත් වන්නට තීරණය කරනු ලැබුවා.


විරේන් මේ මොහොත වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 62 වන තැන පසුවන අතර දුමිදු 102 වන ස්ථානයේ පසුවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...