ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :

ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලංකාවට අයර්ලන්තයෙන් යුරෝ ලක්ෂ 05ක ප්‍රදානයක් ලබා දීමට එරට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව සඳහන් වේ.

එහිදී, අයර්ලන්ත රජය යුරෝ ලක්ෂ 05ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ක්ෂණික ආධාරයක් ලෙස ලබා දීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වේ.

ඒ අයර්ලන්තයේ වාසය කරනු ලබන ශ්‍රී ලාංකිකයෙක් අයර්ලන්ත අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය දැනුම්වත් කරමින් දිට්වා සුළි කුණාටුව විසින් ඇති කළ ශ්‍රී ලංකාවේ ආපදා අවස්ථාවට මැදිහත්ව උපකාර කරන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් වේ.

මෙම ඉල්ලීම සිදුකර තිබුණේ වසර 25ක කාලයක් තිස්සේ අයර්ලන්තයේ ජීවත් වෙමින් සිටින දිමුත් ජයසිංහආරච්චි නැමැති ශ්‍රී ලාංකිකයෙකු විසිනි.

ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි ශිෂයෙක්වන දිමුත් අයර්ලන්තයේ වාසය කරමින් ශ්‍රි ලංකාව වෙනුවෙන් කැපවී කටයුතු කරන අයෙකි.

විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍ය හෙලන් මැක්එන්ටී ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට කළ පුළුල් ජීවිත හානි හා විනාශයෙන් පසු සහන කටයුතු සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, දරුණු ගංවතුර, නායයෑම් සහ පුළුල් අවතැන්වීම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ක්ෂණික අවශ්‍යතා සඳහා සහාය වීමෙන් අයර්ලන්තය එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වන බවත්ය.

ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නීල් රිච්මන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ මෑත කාලයේ වාර්තා වූ දරුණුතම ස්වාභාවික විපත් වලින් එකක් බවය.


ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මේ වනවිට භූමියේ ප්‍රතිචාර දක්වමින්, ප්‍රථමාධාර ලබා දෙමින් සහ ජලය, ආහාර සහ නවාතැන් ආධාර බෙදා හරිමින් සිටින අතර, අතුරුදහන් වූ ආදරණීයයන් සොයා ගැනීමට පවුල්වලට සහාය දකිවන බව ප්‍රකාශ කරන රාජ්‍ය ඇමතිවරයා සිය අරමුදල් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රෙඩ් ක්‍රෙසන්ට් සමිති සම්මේලනය (IFRC) හරහා මුදා හරින බව වැඩිදුරටත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...