රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :
අද (06) රාත්‍රි 8ට පමණ, දෙහිවල A ක්වාටස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර,මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සැක පළ කරයි. දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වෙයි.
