*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

ජාතක කතා ශ්‍රවණ පුස්තකයේ දෙවන වෙළුම එළි දැක්වේ

සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කිරීම අනුස්මරණය කරමින්, සිංහල ජාතක කතා ශ්‍රවණ පුස්තකයේ දෙවන වෙළුම 2022 දෙසැම්බර් 2 වන දින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී (SVCC) එළි දක්වන ලදී. මෙම ශ්‍රවණ පුස්තකයට “යහ ඔවදන්” යන තේමාව යටතේ තෝරාගත් ජාතක කතා 50ක් ඇතුළත් වේ. මෙම ග්‍රන්ථය විශේෂයෙන්ම දෘෂ්‍යාබාධිත ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව වෙනුවෙන් සැකසුණු ග්‍රන්ථයකි. මෙහි පළමු වෙළුම 2022 ජූනි 14 වන දින ඉන්දියා  – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා හි 75 වන සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර රැවන්වැලි මහා සෑ බිමේදී එළි දක්වන ලදී.

2.       අති පූජ්‍ය මහා සංඝරත්නය, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා, නියෝජ්‍ය  මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ රත්මලාන අන්ධ සහ බිහිරි විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමකාලීන ඉන්දියානු අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය (CCIS)   ඇතුළු විවිධ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

3.       SVCC සහ කොළඹ විශ්ව විද්‍යාලයේ CCIS අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් වන ජාතක කතා ශ්‍රවණ පුස්තක ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ අති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසිනි. කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ, ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ සහ ජනප්‍රිය රූපවාහිනී සහ ‍ගුවන් විදුලි නි‍වේදිකාවක් වන වත්සලා සමරකෝන් යන මහත්ම මහත්මීහු ද මේ  සඳහා දායකත්වය ලබා දුන්හ.

4.       මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා බුදු දහම සහ බෞද්ධ උරුමය පිළිබඳ පැවති ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙන් ජයග්‍රහණය කර ඉන්දියාවේ විවිධ නගරවල ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයන්හි සංචාරයක නිරතව දිවයිනට පැමිණි ජයග්‍රාහකයන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. ජයග්‍රාහකයෝ ඔවුන්ගේ ඉන්දීය සංචාරය අතරතුර දැක්වූ ආදරය සහ කරුණාවට ඉන්දීය රජයට සහ ජනතාවට කෘතවේදිත්වය පළ කළහ. මහ කොමසාරිස් කාර්යාලය සහ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා පිරිවෙන් ශිෂ්‍යයන් 6000ක් පමණ සහභාගී වූහ.

5.       මෙම අවස්ථාවේ අදහස් දක්වමින්, මහ කොමසාරිස්තුමා ශ්‍රවණ පුස්තකය ඉන්දියාවේ ජනතාව විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දුන් ධර්ම දානයක් බව පැවසීය. ජාතක කතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් අතර වසර දෙදහසකට වඩා ඉපැරණි සමීප සබඳතා නිරූපණය කරන බව ද ඉන්දියාවෙන් බුදු දහම උරුම වූ පළමු රටවල් කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකාවට මේ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන බව ද එතුමා පෙන්වා දුන්නේය. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ශ්‍රී ලංකාවේ පිරිවෙන් සහ ධර්ම අධ්‍යාපනය සඳහා ඉන්දියාව ලබාදෙන සහයෝගයට සිය ස්තුතිය පළ කළේය.

6.       බුදු දහම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව එකට එක් කරන ප්‍රධාන කුළුණක් වේ. ඉන්දියානු රජය දෙරට අතර බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දී ඇත. 2021 වප් පුන් පොහෝ දින පූජනීය කුසිනාරාවට පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වීම සහ වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ නගර රැසක ප්‍රදර්ශනය කිරීම  යනාදිය ද මෑත කාලයේදී දෙරට අතර බොදු සබඳතා හි සුවිශේෂී සන්ධිස්ථාන ‍වේ.

***

කොළඹ

2022 දෙසැම්බර් 03

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan