*
Friday, May 3, 2024
spot_img

Latest Posts

හිතුමතේ ඇන්ටිබයොටික් ගන්නවා නම් අදම එය අතහරින්න!

කොළඹ LNW:ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක ) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා, ඒවාට ඇති බැක්ටීරියා ආසාදනවලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව වේගයෙන් පහළ යමින් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි.

වැරදි භාවිතය නිසා රෝගකාරක බැක්ටීරියා විසින් දැනට අප සතු ප්‍රබලම ප්‍රතිජීවක ඔසුවලට පවා ඔරොත්තු දීමේ හැකියාව ලබාගනිමින් වේගයෙන් පරිණාමය වෙමින් සිටින අතර දැනටමත් මේ නිසා වසරකට අපට අහිමි වන මිනිස් ජීවිත ගණන මිලියන ගණනක් බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව අපේත් , අනාගත පරපුරේත් ජීවිතාරක්ෂාව වෙනුවන් අදම ක්‍රියාත්මක වෙමු. පහත සියලු උපදෙස් නොවරදවාම අනුගමනය කරමු.” යනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනටහව වෙත පණිවිඩයක් බෙදා හැර තිබේ.

  1. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිම අවස්ථාවක හිතුමනාපයේ ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) ගන්න එපා.
  2. නියමිත කාල සීමාවම, නියමිත මාත්‍රාව, නියමිත වේලාවටම වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිජීවක ලබාගන්න.
  3. ඔබට ලබාදුන් ප්‍රතිජීවක ඔසුවක්, වෛද්‍ය නිර්දේශයකින් තොරව වෙනත් අයෙකු සමග බෙදා ගන්න එපා.
  4. භාවිතා කර ඉතිරි වූ ප්‍රතිජීවක ඔසු , නැවත නැවත භාවිතා කරන්න එපා. යනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් උපදෙස් දෙනු ලබයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan