ජංගම දුරකථන මිලදී ගන්නට පෙර…

Date:

වෙළෙඳසැලකින් සොරා ගන්නා ලද ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමයට විවිධ පුද්ගලයින්ට අලෙවි කළ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හංවැල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ සැකකරු රුපියල් ලක්ෂ 10කට අධික වටිනා ජංගම දුරකථන තොගයක් සොරාගෙන ඇත.

සැකකරු සොරාගත් ජංගම දුරකථන අවිස්සාවේල්ල, කොස්ගම සහ සාලාව ආදී ප්‍රදේශවල පුද්ගලයින්ට පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදී තිබේ.

එලෙස සොරාගත් ජංගම දුරකථන 19ක් පොලිස් විමර්ශනවලදී සොයාගෙන ඇත.

සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ සොරකමෙන් මාස 10කට පමණ පසු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.

ජංගම දුරකථන වෙළෙඳසැලට යාබද වෙළෙඳසැලක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ තිබූ සැකකරු ජංගම දුරකථන වෙළඳසැලේ පිටුපස දොර අනාරක්ෂිත බවට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සොරකම සිදුකර තිබේ.

කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි සැකකරු සොරකම සිදුකරන අයුරු වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...