වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට…

Date:

2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබේ.

ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප්‍රධාන හේතුවවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,192ක් ලෙස සඳහන්ව තිබූ අතර එම ආදායම මෙම වසරේ ඔක්තෝබර් මසයේ සඳහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 1,051ක් ලෙසය.

පෙර වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11.9ක අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර මෙම වසරේ ඔක්තෝබර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ යථා තත්ත්වයට පත්වී තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් අමෙරිකානු ඩොලර් මිලියන 317ක් ලැබී තිබූ අතර මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඒ මගින් අමෙරිකානු ඩොලර් මිලියන 355ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

එමෙන්ම සංචාරක ඉපැයීම මගින් ද පසුගිය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 76ක් උපයා ඇති බව සඳහන්ය.

එය පෙර වසරේ ඔක්තෝබර් මස සංචාරක ඉපැයීමට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 27.4ක ඉහළයාමක් බව මහ බැංකුව සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් අමෙරිකානු ඩොලර් බිලියන 03ක පමණ මුදලක් උපයා ඇති අතර සංචාරක ඉපැයීම මගින් එම කාලය තුළ උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව සඳහන්ය.

මේ අතර 2022 වසරේ ඔක්තෝබර් මාසයේ ආයෝජන භාණ්ඩ ආනයන වියදම පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 42.5කින් පුළුල් ලෙස පහළ යෑමක් වාර්තා වන බව සඳහන්ය.

එමෙන්ම මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් වන අතර චීන මහජන බැංකුවෙක් ලද අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...