*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

රට තුළ පවතින තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්!

මෙම මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

“මීළඟ වැදගත් පියවර වන්නේ අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් මුල්‍ය සහතියක් ලබාදීම සඳහා එකඟකරවා ගැනීමයි. එයයි අපි සිදුකරමින් සිටින්නේ. මම හිතන්නේ අප එහිදී හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පැරිස් සමාජය සහ ඉන්දියාව අපට මෙහිදී සහාය වෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි චීනය සමග සාකච්ඡා ආරම්භ කෙරුණේ මදක් ප්‍රමාදවෙලා. කලින් අපේ ඉලක්කය වී තිබුණේ මූල්‍ය සහතිකය නොවැම්බර්යේදී ලබාගන්න. ඒ අනුව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බරයේ ලබාගන්න අප ඉලක්ක කරගෙන තිබුණා.”

“එය මේ අවස්ථාවේදී සිදුවෙන්නේ නැහැ. ඒ චීනය සමග ඇතිවූ යම් ප්‍රමාදයක් නිසා. දැන් අපි අවධානය යොමුකරන්නේ ලබන ජනවාරියේ මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නයි. මේ මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙනවා නම් අපට එය සිදුකළ හැකියි. අපට විශ්වාසයි මේ තත්ත්වය කළමනාකරණය කළ හැකි බවට.”

මේ අතර බීජිං නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාවෝ නින් මෙලෙස අදහස් පළකර තිබුණි.

“චීනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමග දිගුකාලීන ශක්තිමත් සහයෝගීතාවක් පවතිනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළව ප්‍රකාශ කළ හැකි යමක් වේ නම් ඉදිරියේදී දැනුම්දීමට චීන විදේශ අමාත්‍යාංශය සූදානම්. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සැලකූවිට මට කිව හැක්කේ, ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සහ අභියෝග චීනය ඉහළ වැදගත්කමකින් යුක්තව සලකාබලන බවයි.

ශ්‍රී ලංකාවට මෙම අර්බුදය නිසි පරිදි විසඳාලීම සඳහා කටයුතු කරන මූල්‍ය ආයතනවලට චීනයේ සහාය හිමිවනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වත්මන් දුෂ්කරතාවන්ගෙන් මිදී තිරසාර සංවර්ධනයක් ඇතිකර ගැනීම උදෙසා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය චීනය සමග ඵලදායී අන්දමින් කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan