*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදය නිසා හාමුදුරුවරු 2000ක් සිවුරු හැරගිහින් – ප්‍රශ්න වහන්න කුරුන්දි ප්‍රශ්නය මතුකරනවා

කොළඹ LNW: පවත්නා ආර්ථික,දේශපාලන අර්බුදය හේතුවෙන් භික්ෂු ශාසනය බරපතල අර්බුදයකට පත්ව ඇති බවත් වසරකට භික්ෂුන් වහන්සේ පිරිසක් සිවුරු හැර දමා ශාසනය හැර යන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එවන් තත්ත්වයක් තුළ ඒ භික්ෂු ශාසනයේ උරුමය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකර හැඟීම් ඇවිස්සීම සඳහා කුරුන්දිය හෝ වෙනයම් සිදුවීමක් පෙන්වමින් ඉදිරියට යාමට ආණ්ඩුව කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

රණවක මහතා මේ බව කියා සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

“සාමාන්‍යයෙන් මේ රටේ ඡන්දයකට පොරතුව දේශපාලකයින් ජාතිය, ආගම, සංස්කෘතිය පිළිබඳව, ඉතිහාසය පිළිබඳව විශාල කතා පවත්වනවා. ඒ ගලවා ගැනීම ගැන විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නමුත් මැතිවරණයෙන් පස්සේ මේ අමාත්‍ය ධුර ලබා දීමේදී, සහ ඒවාට මුදල් වෙන්කිරීමේදී ඉතාම අවම මුදලක් මේ ආගමික වගේම සංස්කෘතික අමාත්‍යාංශවලට වෙන් කරන්නෙ. ඒ වගේම මුදල් කප්පාදුකරනවා. නිසි ආදායම් ලැබෙන්නේ නැතුව මුලින්ම කපන්නේ ඔය සංස්කෘතික, ආගමික ආදී අමාත්‍යාංශවල වැය ශීර්ෂය. ඉතින් මේ සම්ප්‍රදායයෙන් අපි ඉවත් විය යුතුයි. අපේ රටේ ඉතිහාසයේ අපට අනුවේදනීය අවස්ථා දෙකක් උදා වුණා.

එකක් තමයි 1815 මාර්තු 2 වෙනිදා අපි පූර්ව යටත් විජිතයක් බවට අපේ ඉතිහාසයේ ආරම්භ වෙලා වසර 3000 ක කාලයක් තිස්සේ විවිධ ගැටුම් මැද්දේ ඉඳලා විවිධ අරගලවලින් නිදහස් වෙලා අපි නිල වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වෙනවා. අපේ ස්වෛරීභාවය අපෙන් නැති වුණා. ඒ වගේම මේ 2022 අප්‍රේල් 12 වෙනිදා ස්වෛරී බංකොලොත්භාවය අපි ප්‍රකාශයට පත් කළ දවසේ අපේ ස්වෛරීත්වය අපට නැවත අහිමි වුණා. ඒ අනුව ඒ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පස්සේ රටක ස්වෛරීත්වය අහිමි වූ පළවෙනි ඒ වගේම අනුවේදනීයම අවස්ථාව තමයි ගිය වසරේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය රටේ ආර්ථික ක්ෂේත්‍රවලට විතරක් නෙමෙයි. සමාජ, සංස්කෘතික, ආගමික හැම ක්ෂේත්‍රයකටම ඉතාම දරුණු විදිහට බලපාලා තියෙනවා.

මේ වන විට මතුව තිබෙන ආර්ථික ඛේදවාචකය සමඟ කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බවද රණවක මහතා ප්‍රකාශ කළේය.

”ඒ වගේම 2024 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඉලක්කගත බදු ආදායම් දිහා බැලුවහම අපිට පේනවා 2020 ට සාපේක්ෂව අතිරේක තවත් බිලියන 2000 ක් ට්‍රිලියන දෙකක් මේ රටේ මහජනයාගෙන් එකතු කරන්න යන බව. ඒ කියන්නේ තවත් අතිරේක රුපියල් ලක්ෂයක් සෑම පුරවැසියෙක්ම කිරි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා බදු ආදායම් ගෙවන්න නියමිතයි 2024 වෙනකොට. එක පැත්තකින් රුපියල් ලක්ෂයක ආදායම් අහිමි කරනවා අනිත් පැත්තෙන් තවත් රුපියල් ලක්ෂයක් බදු ආදායම හැටියට ආණ්ඩුවට ලබාගන්න මේ නිසා අද මහජනයා ඇතිවෙලා තියෙන්නේ දෙපැත්තකින් තැලී පොඩි වෙන භයානක ආර්ථික ඛේදවාචකයකට. ඒ ආර්ථික ඛේදවාචකයත් එක්ක ඇතිවෙලා තියෙන අනිත් කාරණය මොකක්ද? ඒ තමයි කළු ආර්ථිකයක් රට පුරාම හැම ආකාරයකින්ම විහිදී පැතිරී යන එක. අද මේ සමහරු මෙතන රාත්‍රී ආර්ථිකය නීතිගත කිරීම ගැන කතා කරනවා. ඒ අතරෙම කාන්තා අයිතිය ගැන කතා කරනවා. අද මේ බත්තරමුල්ල හන්දියේ ඉඳන් මහරගම, පන්නිපිටිය පාරේ යන කොට, ස්පා ආයතන කීයක් අලුතෙන් ඇරලා තියෙනවද? රට පුරා මේ පාර්ලිමේන්තුව අවට ඇතිවෙලා තියෙනවා. කවුද මේවයේ සේවය කරන්නේ? රාජ්‍ය අංශයේ, පුද්ගලික අංශයේ, සේවය කරලා, මේ ආර්ථික අර්බුදය විසින් මහපාරට ඇදලා දාපු, අපේ සහෝදරියන් තමයි, අද මේවයේ සේවය කරන්නේ. මේවායේ වෙන දේ කවුරුත් දන්නවා. මේවා විවෘත, ගණිකා මධ්‍යස්ථාන බව ඉතාම පැහැදිලියි. ඒ වගේම මත්පැන්, මත්ද්‍රව්‍යවලින් රටේ අපේ තරුණ පරම්පරාව විශාල භයානක ආකාරයකට වෙලාගෙන තියෙන්නේ.

මේ රටේ පොලිසිය රටේ කසිප්පු වටලනවා. හැබැයි හොර අරක්කු, හොර කසිප්පු රට පුරාම ව්‍යාප්ත වෙනවා.ඒ මධ්‍යස්ථානයක් දොම්පේ ප්‍රදේශයේ වැටලුවා. හොර ස්ටිකර් වැටලුවා. ඒ හොර ස්ටිකර් පිළිබඳව. සී. අයි. ඩී. යට වාර්තාවක් දෙන්න කියලා සුරාබදු දෙපාර්තමේන්තුව අපේ නියෝගයක් අනුව ලබා දීලා තියෙනවා අගෝස්තු විස්ස. අද වෙනකන් මේ රටේ පොලිසිය, රහස් පොලිසියට බැරි වුණා මේ විකෘති ස්ටිකරය ඒ ගැහුවේ කවුද, කොහොමද වුණේ කියලා හොයන්න. ඒ නිසා ඉතාම පැහැදිලියි, අද මේ ගොඩනැගෙන කළු ආර්ථිකයේ කොටසක් බවට අපගේ විමර්ශන ක්ෂේත්‍රයේ, පොලීසිය, නීති කටයුතු ආදී සියල්ලත් අද වෙලාගෙන තියෙන අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපි පළමුවෙන් අවබෝධ කරගන්න ඕනේ, ආර්ථික කාරණයකින් පමණක් රටක් ගොඩනගන්න බැහැ.පූර්ණ මිනිසෙක් ගොඩනඟන්න නම්, සංස්කෘතියත් ආගමික ක්‍රියාවලියත් ඉතා අවශ්‍යයි. ආගමික ක්‍රියාවලිය ගැන කිව්වම අපි එකක් මතක තබා ගත යුතුයි. සියලු ආගමික අයිතීන් මිනිස්සුන්ට ලැබෙනවා පමණක් නෙවෙයි. හැබැයි ඒ ආගමික අයිතිය තියෙන්නේ මානව අයිතියට පහළින් කියන එක මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද යම් ආගමක අනුහසින් කෙනෙක්ට තව කෙනෙක් මරන්න, තව කෙනෙක් ඝාතනය කරන්න, ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න එහෙම අයිතියක් ආගමකින් ලබා දෙන්න බැහැ. ඒ ආගමික අයිතිය තිබෙන්නේ මූලික අයිතියට යටින්. මම දැක්කා අපේ රටේ ප්‍රධාන දේශපාලන නායකයෙක් කියලා තිබුණා. ආගමික අයිතිය තියෙන්නේ මානව අයිතියට උඩින් කියලා. ඒක වැරදියි. මානව අයිතියට යටින් තමයි සියලුම ආගම්වල ආගමික අයිතිය තියෙන්නේ. ඒක අවබෝධ කරගෙන අපි ක්‍රියා නොකලොත්, මේ රට ඇතුලේ නැවත නැවතත් මේ ගැටළු සහගත, ගැටුම් සහගත තත්ත්වයන් ඇතිවෙන්න නියමිතයි.”

”අද පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් මුල්කරගෙන, උතුරේ, මේ මාසේ කුරුන්දි විහාරය ගැන විශේෂ වාර්තාවක් දාලා තියෙනවා. මේ රටේ ආර්ථික, සමාජයීය, විශාල අර්බුදය ගැන ඉතාම සුළුවෙන් වාර්තා කරන ලද සඟරාවටත්, මේ කුරුන්දි විහාරය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කුරුන්දි වැනි, පුරාවිද්‍යා ස්ථාන, පුරාවිද්‍යා ස්මාරක, ඒවායේ ජන කණ්ඩායමකට, එක ආගමකට අයිති දෑ නෙවෙයි. ඒක මේ රටේ සියලුම ජනතාවගේ උරුමයන්. ඒවා පදනම් කරගෙන වෙනත් රටවල සිදු වෙනවා වගේ, ගැටුම් ඇති කරගත යුතු නැහැ දැන් අද ජෙරුසෙලමේ ඇතිවෙලා තියෙනවා වගේ ගැටුම් සහගත තත්ත්වයන් අපි ඇති කරගත යුතු නැහැ. ඒවා අපි විසින් අභ්‍යන්තර ව විසඳා ගත යුතුයි. ඒ සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ මේ රටේ පුරාවිද්‍යා ස්ථාන නමින් තිබෙන දේ. විශේෂයෙන්ම බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ජීවමය දේ, ඒවා ඊජිප්තුවේ පිරමීඩ නෙවෙයි. ඒ ඉතිහාසය වැළලිලා ගිහින් ඉවරයි. නමුත් මේ රටේ ජීවමානව ඒක පවතිනවා. හැබැයි මේ කුරුන්දිය ගැන කතා කරන අය අපේ ඇමතිතුමා පසුගිය වසරේ මේ රටේ භික්ෂු ශාසනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. මොකක්ද ඒකෙන් කියලා තියෙන්නේ? 1890 ක් උපසම්පදා භික්ෂූන් සිවුරු හැර ගිය බව, උපැවදි වූ බව. මං දන්නෑ මේ අවුරුද්දේ මං හිතන්නේ ඊට සමාන පිරිසක් උපැවදි වෙලා ඇති. විහාරස්ථාන වලට ගියහම බිල ගෙවාගන්න බෑ. ඒ වගේම දානමාන කටයුතු නෑ. ඒ වගේම දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා, භික්ෂූන් වහන්සේ උපැවදි වෙමින් යනවා වසරකට 2000 ගානේ භික්ෂූන් වහන්සේ. ඒ භික්ෂු ශාසනයේ උරුමය ගැන හරියට කතා කරන්නැතුව මේ රටේ හැඟීම් අවුස්සන්න හදනවා කුරුන්දිය හරි වෙන මොකක් හරි පෙන්නනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan