ආදරයේ වියරුවෙන් බැට කෑ “Giulia”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
22 හැවිරිදි සිසුවියකගේ අවමංගල්‍ය උත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී ඇති අතර, ඇයගේ මරණය ඉතාලියේ මේ වනවිට පෙරළියක් වී හමාරය.

Giulia Cecchettin නම් තරුණියක් නොවැම්බර් මාසයේදී ඇගේ හිටපු පෙම්වතා අතින් විශ්ව විද්‍යාල උපාධිය ලබා ගැනීමට දින කිහිපයකට පෙර මරා දමන ලදී.

පාදුවා නගරයේ දී සිදු කෙරුණු මෙම අවමංගල්‍ය උත්සවය රජයේ රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

BBC
BBC

ඇගේ මරණයත් සමඟ කාන්තාවන්ට ඇති ආරක්ෂාව කෙරෙහි විරෝධතා රාශියක් පැවතුනු අතර කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් සපයන මෙන් ද මෙහිදී ඔවුන් ඉල්ලා සිටීමට කටයුතු කරන ලදී.

ජෛව වෛද්‍ය ඉංජිනේරු ශිෂ්‍යාවක් වන Giulia Cecchettin ගේ හිටපු පෙම්වතා වන Filippo Turetta, ඇය ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් කිරීම පිළිගත නොහැකි වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඝාතනය කළ බව පාපොච්චාරණය කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ආදරයට පුලුවන් මිනිසෙක් ඇති කරන්නත් නැති කරන්නත්” කියන චිත්‍රපට දෙබස් දැන් දැන් ඇත්ත වන කාලයක තම ආරක්ෂාව පතා කටයුතු කිරීම යෝග්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...