ආදරයේ වියරුවෙන් බැට කෑ “Giulia”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
22 හැවිරිදි සිසුවියකගේ අවමංගල්‍ය උත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී ඇති අතර, ඇයගේ මරණය ඉතාලියේ මේ වනවිට පෙරළියක් වී හමාරය.

Giulia Cecchettin නම් තරුණියක් නොවැම්බර් මාසයේදී ඇගේ හිටපු පෙම්වතා අතින් විශ්ව විද්‍යාල උපාධිය ලබා ගැනීමට දින කිහිපයකට පෙර මරා දමන ලදී.

පාදුවා නගරයේ දී සිදු කෙරුණු මෙම අවමංගල්‍ය උත්සවය රජයේ රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

BBC
BBC

ඇගේ මරණයත් සමඟ කාන්තාවන්ට ඇති ආරක්ෂාව කෙරෙහි විරෝධතා රාශියක් පැවතුනු අතර කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් සපයන මෙන් ද මෙහිදී ඔවුන් ඉල්ලා සිටීමට කටයුතු කරන ලදී.

ජෛව වෛද්‍ය ඉංජිනේරු ශිෂ්‍යාවක් වන Giulia Cecchettin ගේ හිටපු පෙම්වතා වන Filippo Turetta, ඇය ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් කිරීම පිළිගත නොහැකි වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඝාතනය කළ බව පාපොච්චාරණය කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ආදරයට පුලුවන් මිනිසෙක් ඇති කරන්නත් නැති කරන්නත්” කියන චිත්‍රපට දෙබස් දැන් දැන් ඇත්ත වන කාලයක තම ආරක්ෂාව පතා කටයුතු කිරීම යෝග්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...