ගාසා තීරය යළි අවදි නොවනු ඇත.මානුෂීය ව්‍යසනය වළක්වන්න පියවර ගන්න – UN ප්‍රධානියා ඉල්ලයි

Date:

කොළඹ LNW:යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා පවසයි.

ගාසා තීරයේ මානුෂීය පද්ධතිය බිඳ වැටිය හැකි බවටයි ඔහු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට සෘජුවම අනතුරු අඟවා තිබෙන්නේ.

මෙම මානුෂීය ව්‍යසනය වැළැක්වීමට පියවර ගන්නැයි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටීමට ඔහු කටයුතු කර ඇති අතර ඒ දශක ගණනාවක් තිස්සේ භාවිත නොකළ ලිපි මගින් දැන්වීමේ ක්‍රමවේදය භාවිත කරමිනි.

අන්තෝනියෝ ගුටෙරස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායල බෝම්බ හෙලීම සහ අත්‍යවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවෙන් ගාසා තීරයේ මහජන සාමය සම්පූරණෙයෙන්ම බිඳ වැටෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

එමෙන්ම වසංගත රෝග පැතිර යා හැකි අතර අසල්වැසි රටවලට විශාල වශයෙන් අවතැන්වූවන්ගෙන් එල්ල වන පීඩනය වැඩි විය හැකි බවද ඔහු කියාසිටියි.

මේ අතර ගාසා තීරයේ හමාස් නිලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය සිය පළිගැනීමේ ප්‍රහාරවලින් ළමයින් හත්දහසක් පමණ ඇතුළු දහසයදහස් දෙසීයකට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන බවයි.

කෙසේවෙතත් මෙම ගැටුම ගෝලීය සාමයට මෙන්ම මානුෂවාදයට දැඩි අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...