2024 දී සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසරේ මෙරටට සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙළ සකස් කරන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ පිලිබඳ ඔහු පැවසූවේ,

මේ වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීමේ ඉලක්කය මිලියන 1.5ක් වන අතර සංචාරකයන් මිලියන 1.3ක් මේ වන විට රටට පැමිණ තිබෙනවා. කසකස්තානයේ සිට සතියකට 4 වතාවක් පැමිණෙන ගුවන් යානයක් අද ආරම්භ කළා. ලංකාවට විදේශිකයන් පැමිණීම දැන් වැඩි වෙලා තිබෙනවා. ජනාධිපති මැඳුරේ ස්විමින් ෆූල් එකට වෙලා නාන, මැඳුර විනාශ කරන ඒවා තමයි ලෝකයට පසුගිය කාලයේ පෙන්නුවේ. එමඟින් ලෝකයට ගිය පණිවුඩය නරක එකක්.

සංචාරක, ඉඩම්, බුද්ධ ශාසන, සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත්...

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...