*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ICTA රාජ්‍ය සේවයට අලුත් පණක් නන්වමින් ‘ඩිජිටල් රාජ්‍ය ආකෘති’ විසඳුම් දියත් කරයි.

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඊයේ ‘ඩිජිටල් රාජ්‍ය ආකෘති’ විසඳුම දියත් කිරීමත් සමඟ රාජ්‍ය සේවා සැපයීමේ දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය සේවාවන් තුළ විප්ලවීය වෙනසක් කිරීමට මෙම පෙරළිකාර මුලපිරීම තුළින් හැකියාව ලැබේ.

ඩිජිටල් රජයේ පෝරම (Digital Government Forms) ව්‍යාපෘතියට, ලෝක බැංකුවේ අනිශ්චිත හදිසි ප්‍රතිචාර සංරචක වැඩසටහනෙහි [Contingent Emergency Response Components Initiative (CERC)] මුලපිරීම යටතේ අරමුදල් සපයන ලදී.

පරිවර්තනීය වෙනසක් සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් රාජ්‍ය ආයතන නවයක්, නියමු අදියරේදී මෙම ඩිජිටල් වේදිකාව සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරිමට සැරසෙ‍යි.


රජයේ සේවාවන් බොහෝ විට පුරවැසියන් රජයේ කාර්යාලවලට පැමිණීම, කඩදාසි ඉල්ලීම් ආකෘති පත්‍ර පිරවීම් සහ ඒවා පෞද්ගලිකව ඉදිරිපත් කිරීම සාමාන්‍ය වූ කලෙක මෙම ක්‍රමය තුළින් එය කාර්යක්ෂමව, ලේඛන කටයුතු කළමනාකරණය සහ පහසුව ජනතාවට අත්විඳිය හැක.

පරිගණක, ජංගම දුරකථන සහ ටැබ්ලට් ඇතුළු විවිධ ඩිජිටල් උපාංග හරහා ප්‍රවේශ විය හැකි මෙම පද්ධතිය මඟින් කඩදාසි භාවිතය ඉවත් කරයි, දත්ත ආරක්ෂාව ඉහළ නංවයි සහ සොයා ගැනීමේ හැකියාව සහතික කරයි.

forms.gov.lk හරහා රජයේ පෝරම වෙත ප්‍රවේශ වීමේ පහසුව සලසනු ඇත.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan