ආවා කල්ලියේ නායකයා බව පැවසෙන අයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ (LNW):

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කරයි.

2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව සඳහන් වන අතර, ඒ ඔස්සේ මෙරට ආරක්ෂක අංශ විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර ඇති බව වාර්තා විය.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මෙම පුද්ගලයා අමෙරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටියදී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

කැනේඩියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ , සැකකාර ශ්‍රී ලාංකිකයා වැඩිදුර විමර්ශන සඳහා ප්‍රංශය වෙත භාරදීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...