දිත්වා මම සහ මගේ පොල්ගහ…

Date:

මම මේ දිත්වා ආපදාවට දින කිහිපයකට කලින් පෝස්ට් එකක් ලිව්වට පස්සේ (දේශපාලනය ගැන එකක් මිසක් පූර්ව සුදානම් මඟුලක් ගැන නෙවෙයි) මේ අද වෙනකල් කිසිම දෙයක් ලිව්වේ නැහැ. මොකද මේ හැම දෙයක් එක්කම බැඳුණු ලාංකික පරිකල්පනයක් සහ එහි සීමාවන් තියෙන නිසා.

හරි. ආණ්ඩුවේ පූර්ව සූදානම ගැනවත් විපක්ෂයේ පූර්ව සූදානම ගැනවත් BBC එකේ පුරෝකථන ගැනවත් ඉන්දියාවේ මිලිමීටර් 500 පුරෝකතන ගැනවත් හිතන්නේ නැතුව අපි බලමු පුද්ගලයින් හැටියට අපි අපිගැනම කටයුතු කලේ කොහොමද කියල. අපිත් එපා මම මමගැන කටයුතු කළේ කොහොමද?

ඇත්ත. දින කීපයක් තිස්සේ පෝස්ට් කීපයක් ශෙයා උනා සුළි කුණාටුවක් ගැන. ඒවා උඩින් පල්ලෙන් කියෙව්වා. මට ඔය එක එක කාලගුණික තත්වයන් ගැන ෆේස්බුක් සහ ගූගල් අප්ඩෙට් එන නිසා (විශේෂයක් නැහැ) ඒවා දිහාත් බැලුව. BBC එක හෝ ඉන්දියන් කාලගුණ එකේ දේවල් කියවන්න තරම් ගැඹුරට ගියේ නැහැ. මම අවධානෙන් හිටියේ එකම දෙයක් ගැන. ඒ සුළි කුණාටුව ගැන.

ඒ ඇයි? ඒ තමයි තද සුළං එක්ක කුණාටුවක් ආවොත් මගේ ගෙට උඩින් තියෙන උස පොල්ගහ දෙරි ඇනෙන්න පුළුවන් නිසා. එහෙම උනොත් මට සොරි… ඒ නිසා ටිකක් අවධානෙන් හිටිය. හැබැයි මම පොල්ගහ කපල ඒ අවදානමෙන් මිදෙන්න තරම් ඉස්සර උනේ නැහැ. පොල් ගෙඩි දහයක් පහළොවක් ඒ පරණ පොල්ගහ මට තවමත් දෙන නිසා අවදානම අරන් හිටිය. නැත්නම් ගස් කපන එකෙක් හොයල ඒක ඉවත්කරන්න බැරුව නෙවෙයි.

මම කියන්නේ අපි ජපන්නු නෙවෙයි. අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්න පුරුදුවෙලත් නැහැ.

පරමාණු බෝම්බ දෙකක් ඔළුවට වැටිලා, ජාතියක් හැටියට එකම රිද්මයකට නැගිටලා, ඒ රිද්මයට තමන්ගේ පැවැත්ම සුසර කරගෙන ඉන්න ජපනෙක් එහෙම අවදානමක් ගන්නේ නැහැ. ඊටත් අමතරව ස්වභාවික ව්‍යසන වලට කොහොමත් හුරුවෙලා ඉන්න උන් ඉතාම පොඩි දෙයකදී (දැනුම් දීමකදී) ඇලට් වෙනවා. සහ ඒ අනුව හැසිරෙනවා. අවම වශයෙන් වාහනයක් එළවද්දී පවා උන් පරිස්සම්. බය නිසාම නෙවෙයි. අර අනතුරක් වලක්වා ගැනීම නම් සුසරවීම උන්ගේ ආත්මයට රිංගල තියෙන්නේ.

නමුත් ඇල්ල අනතුර ගන්න. වලක්වා ගන්න කිසිම දෙයක් කවුරුත් කරන්නේ නැහැ. උනාට පස්සේ හතර අතේ බණිනවා. ඔය තමයි ලාංකික ආතල් ආත්මය.

අපි ඉතිහාසය පුරාමත් කොච්චර අවදානමක් තිබ්බත් ස්වභාවධර්මය එක්ක පොරබදමින් ජීවත්වෙනවා. කඳු උඩ, නාය කටවල් වල, ගංගා ඉවුරු වල අපේ උන් වගේ වගක් නැතුව ඉන්නවා. හරියට මම සහ මගේ පොල්ගහ වගේ.

කෑගල්ල මාවනැල්ල අතර ප්‍රසිද්ධ වලකඩයාව නායගිය එකේ එක ගෙදරක ඉස්සරහ බැම්ම පුපුරලා ගෙදරට යටින් දැවැන්ත දිය පරහක් එද්දී පවා ඔය මුකුත් වෙන්නේ නැහැ කියල ගෙදර ඇතුලේ නිදාගත්ත පවුලක් ගැන මම දන්නවා (පස්සේ අල්ලපු ගෙදර මිනිස්සු කුණුහරපෙන් බැන්නට පස්සේ තමයි ගෙදරින් අයින් වෙලා තියෙන්නේ). අන්න ඒක තමයි ලාංකික බව. මම සහ මගේ පොල්ගහ වගේමයි.

අනතුර ගැන දන්නේ නැතුව නෙවෙයි. නරුම බවකුත් නෙවෙයි. නමුත් එහෙම රිස්ක් එකක් ඇතුලේ අපි ඉන්නවා. හැම ආසියාතිකයෙක් තුලම මේක පොඩ්ඩක් තියනවා කියල මම හිතනවා. ඒකට පොඩි කම්මැලි බවක්, සෝමාරි බවක්, කුසීතකමක් කියල කියන්න පුළුවන්. නොසැලකිල්ල පවා වචනයක් තමයි. ඒ ආසියාතික බවින් මිඳුණ එකම ජාතිය ජපන්නු වෙන්න පුළුවන්.

ඔය අනතුරු ඇගෙව්වා කිව්වට කාලගුණේ ඉන්න එකා උනත් හිතන්නේ මම හිතන ලාංකික විදියට (එයාට එහෙම හිතන්න බැහැ තමයි). ඇමතිවරයා හිතන්නෙත් එහෙම. ජනාධිපතිතුමා උනත් ඉතිං ලාංකිකයි නේ. විපක්ෂය උනත් එහෙමයි. දෙරණ හිරුත් එහෙමයි. අපි ඔක්කොම එක වල්ලේ…

හැබැයි ඉතිං අනතුරෙන් පස්සේ ඔක්කොම එකතු වෙනවා. ඒකත් ලාංකිකයි.

අපේ අවුල තමයි එහෙම පොඩ්ඩක් නොසැලකිල්ලෙන් ඉඳල මහා ව්‍යසයනක් අත්වින්දට පස්සේ එකිනෙකාට බැණ අඬ ගහගන්න එක. එහෙම ආතල් එකේ ඉන්න අපි ව්‍යසනයෙන් පස්සේ කාලගුණේ එකාට නඩුදාන එක. ආණ්ඩුවට ගෙදරයන්න කියන එක….ජනාධිපතිතුමාට සමූල ඝාතන චෝදනා කරන එක.

අපි අපේම නොසැලකිල්ලෙන් බේරෙන්න නැත්නම් ගැලවෙන්න කාටහරි බණින්න ගන්නවා.

මම හිතන්නේ වෙනස්වෙනවා නම් වෙනස් වෙන්න ඕනි ඒ නොසැලකිලිමත් ලාංකික බව. හැබැයි එතකොට අපි අපිම නෙවෙයි.

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...