පුළුවන් නම් ආණ්ඩු බලයක් නැතිව ජනතාවට වැඩ කර පෙන්වන්න – සජිත්ගෙන් විවෘත අභියෝගයක්

Date:

සක්වල, හුස්ම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට මේ සමාජයේ සිටින සුළු කොටසක් චෝදනා කරමින් කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස දන්නේ බඩු බෙදිල්ල පමණක් බවත් ඉන් එහාට දෙයක් නොදන්තා බවත් ය. එහෙත් 74 වසරක මෙරට දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ඉටු කළ සාම්ප්‍රදායික කාර්යභාරයෙන් එහාට ගොස් තට්ටු මාරු දේශපාලනයෙන් එහාට ගොස් වෙනස් වැඩපිළිවෙළක් වත්මන් විපක්ෂය විසින් ඉටු කරන බවත් එබැවින් උනුත් එකයි මුනුත් එකයි කියන දේ වත්මන් විපක්ෂයට අදාළ නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

එමෙන් ම කිසිදු ආකාරයක සමාජ හෝ අධ්‍යාපනික බෙදීමක් තිබිය නොහැකි බවත් සක්වල වැඩසටහන තුළින් නගරබද පාසල්වල මෙන් ම ගම්බද පාසල්වල ද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කර අධ්‍යාපන සවිබල ගැන්වීම සිදු කරන බවත් එම නිසා උසුළු විසුළු කරන දේශපාලනඥයන්ට අභියෝග කර සිටින්නේ පුළුවන් නම් බලයක් නොමැතිව සජිත් ප්‍රේමදාස සමග ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙසත් පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 42 වන බස් රථය ලෙස රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා (රු. 4,600,000.00) බස් රථයක් දැරණියගල සිරි සමන් විද්‍යාලයට (06) පරිත්‍යාග කරනු ලැබීය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දේශපාලන සහ මානව අයිතින් පමණක් තිබෙන නිසා සමගි ජන බලවේග රජයක් තුළ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර එහි මූලික අයිතිවාසිකම් යටතට ආර්ථීක, සමාජීය, අධ්‍යාපනික, සංස්කෘතිය, සෞඛ්‍ය, ආගමික ආදී අයිතීන් ලබා දෙන බවත් පැවසීය.

සුනාමි අරමුදලින් මුදල් ගසා කාපු පුද්ගලයන් බලයට ගේන්න කටයුතු කළ පුද්ගලයන් සිටින රටේ චින්තනයෙන්, දර්ශනයෙන් රට සවිබල ගැන්වීම වත්මන් විපක්ෂය විසින් නොපිරිහෙලා ඉටු කරන බවත් එහි දී රට සවිබල ගැන්වීම සඳහා ජනතාවගේ මූලික අයිතියක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ දෙකින් රට සවිබල ගැන්වීම සිදු කරන බවත් පැවසීය.

90 දශකයේ තරුණ අසහන කොමිසමේ නිර්දේශ අනුව එදා නිර්මාණය වූ සමාජ විප්ලයට හේතුව කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය බවත් අගනුවර සුපිරි පාසල්වල ඉහළම පහසුකම් තිබුණත් ගම්වල තිබෙන ජාතික පාසල්වල පවා එම පහසුකම් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මහා බ්‍රිතාන්‍යයේ පවා නිදහස් අධ්‍යාපනය පවතින විට අප රටේ පවතින නිදහස් අධ්‍යාපනය සුරැකීම අරමුණු කර ගෙන සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන බව යි.

රට බංකොලොත් කළ උදවියම අද ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන බවත් විදුලිබිල ,බඩු මිල ඉහළ දමමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමන බවත් මෙය එක් කණ්ඩායමක් විසින් කරන ලද අපරාධ එක ප්‍රතිඵලයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය. සමහර දුවාදරුවන් පන්ති කාමර තුළ කුසගින්නට කලන්තය හැදී වැටෙන බවත්,දරුවන්ට කෑම වේලක් දීමට නොහැකි වේදනාවෙන් සමහර දෙමවුපියන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත්,විපක්ෂ නායකවරයා පැවසීය.

තමන් බස්රථ හතළිස් දෙකක් ම පරිත්‍යාග කළේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ඒවාට රජයේ අරමුදල් කිසිවක් පාවිච්චි කර නැතැයිද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...