බෙහෙත් ඇත්තේ තව දින කීපයකට විතරයි – වෛද්‍ය හරිත අලුත්ගේ

Date:

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවද වෛද්‍යවරයා කියා සිටියේය.

“මේ වනවිට ප්‍රධාන රෝහල් තුළ, නිර්වින්දන, ප්‍රතිජීවක, බෝවන බෝනොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ, පිළිකා, ලිංගාශ්‍රිත රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 160ක පමණ හිඟයක් පවතිනවා. මේ ඖෂධ සියල්ල මධ්‍යම ඖෂධ ගබඩාවේ නැහැ. අපට අද ඖෂධ වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් සංකීර්ණ ප්‍රශ්න පවතින රෝහල් නියාමනයන් කළ යුතු වුවත්, ඒවා ක්‍රියාත්මක නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ විදේශයන්ගෙන් ඖෂධ ආධාර ලැබුණත්, අපේ සෞඛ්‍ය පද්ධතියට දිගු කාලීන විසඳුම් සෙවිය නොහැකියි යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...