පොහොට්ටුවට අකුරැස්සේදී දෙවැනි වරටත් දැවැන්ත පරාජයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

එහි සභාපති මුනිදාස ගමගේ මහතා විසින් දෙවැනි වරටත් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 5ක් පමණක් වන අතර ඊට විපක්ෂව ඡන්ද 18ක් ලැබී තිබිණි. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව බෙදී ගොස් ඇත්තේ බලය හිමි පොහොට්ටුවට මන්ත්‍රීවරුන් 14 දෙනෙකුත් සමගි ජන බලවේගයට මන්ත්‍රීවරුන් 6 දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් 3 දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් 2 දෙනෙකුත් වශයෙනි.

මීට පෙර පසුගිය නොවැම්බර් 19 වනදා පළමුවරට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එයට විපක්ෂව ඡන්ද 19ක් ලැබී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...