*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

දත් හතරකට හානි සිඳු වුණත් ඇසෙන් පන්දුව ඉවතට නොගත් චාමික

එල්පීඑල් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ මහනුවර ෆැලකන්ස් කන්ඩායම අතර පැවති තරගයේදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම පීඩනයෙන් එළියට රැඟෙන ඒම සඳහා නුවනිඳු ප්‍රනාන්දු ගනිමින් සිටි උත්සාහය ව්‍යර්ථ කරමින් උඩ පන්දුවක් රැක ගන්නට යාමේදී චාමික කරුණාරත්නට තුවාල සිඳු විය.යාර තිහේ සීමාවෙන් ඉහළින් පන්දුව යොමු කරන්නට ගත් උත්සාහයන් දෙකක්ම සාර්ථක කරගෙන සිටි නවනිදු තෙවන අවස්ථාවේ ඉහළින් යොමු කළ පන්දුව පසුපස හඹා ගිය චාමික උඩ පන්දුව රැකගත්ත ද,පන්දුව පළමු වරට පතිත වූයේ චාමිකගේ මුහුණ මත මුව ප්‍රදේශයේය.නමුත් පන්දුවේම අවධානය තබාගෙන සිටි චාමික එය ගිලිහී යන්නට නොදී රැක ගන්නට සමත් විය.
වේදනාකාරී අවස්ථාවක සාමාන්‍යයෙන් අවධානය බිදී අත් ලිහිල්ව විසිර යන නමුත් චාමික පන්දුව සමඟ රැදී සිටි අතර පන්දුව රැක ගැනීමෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වය ගැන තොරතුරු වාර්තා කරන මාධ්‍ය ප්‍රකාශ කරන්නේ චාමික එම උඩ පන්දුව රැක ගැනීමේදී අවධානය සුරක්ෂිතව තබා ගෙන ඇත්තේ ඔහුගේ දත් හතරකට හානි කරමින් පන්දුව ගැටෙද්දී ය.රැකගත් පන්දුව සිය කණ්ඩායම් සඟයෙකුට ලබා දෙන්නට තරම් කල්පනාකාරී වීමෙන් සිය සේවය අවසන් කරන තුරුම චාමික සිය තුවාලය ගැන අවධානය යොමු කළේ නොකර සිය කණ්ඩායමට අවශ්‍යය දේ ඉටු කර ඇත.
(එම දැවී යාම සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වේබ් අඩවියේ පළවන නිල ලකුණු සටහනේ අභ්‍යන්තරයේ සටහන් කර ඇත්තේ මේ ආකාරයටයි. Length ball outside off and he looks to drive it over cover. Comes off the upper half of the bat and Karunaratne takes s it running behind from point. The ball hits him on the face, but he holds on and passes it on to a teammate. He is bleeding, but has done the job for his team)
චාමික ගේ ඒ විශිෂ්ඨ පන්දු රැකීමත් සමඟ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විනාශය කරා රැඟෙන යන්නට මුල් වූ කාලෝස් බර්ත්වයිට් ලකුණු 14 කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා විය.ග්ලැඩියේටර්ස් ඉණිම ලකුණු 121 ක් කරා රැගෙන යන්නට මොවින් සුබසිංහ සහ වසීම් ඉමාද් ගේ පිති හරඹයෙන් මූලිකත්වය ගත්තේය.ලකුණු 28 කඩුලු 5 ක් වැටුණ විස්සයි විස්ස ඉණිමක් නැවත් ඔසවා ගන්නට මොවින් සහ ඉමාද් කළ සටන විශිෂ්ඨ විය.ඔවුන් දෙදෙනා ලකුණු 65 ක සබඳතාවයක් හයවන කඩුල්ලට ඇති කළේය.මොවින් ලකුණු 40 ක් සහ ඉමාද් ලකුණු 34 ක් එක් කළ අතර පන්දු ඕවර් 20 අවසානයේ ග්ලැඩියේටර් ඉණිම සටහන් වූයේ කඩුලු 8 ට ලකුණු 121 ක් ලෙස ය.
පිළිතුරු ඉණිමට පිවිසි මහනුවර ෆැල්කන්ස් කණ්ඩායම සිය ඉලක්කය පන්දු වාර් 15 දී ලබා ගත්තේය.එහිදී කැපී පෙණුන ඉණිමක් දියත් කළ කමිඳු මෙණ්ඩිස් පන්දු 34 න් ලකුණු 44 ක් රැස් කළේය.ඉකුත් තරගයේදී ශතකයක් ලැබූ අන්ද්‍රේ ෆ්ලෙචර් ලකුණු 20 ක් සහ අර්ධ ශතකයක් ලැබූ පැතුම් නිශ්ශංක ලකුණු 22 න් දායක් විය.අවශ්‍යය ඉලක්කයට ළඟා වෙමින් ෆැලකන්ස් ලකුණු පූවරුව 123 ක් බවට පත්වෙද්දී ඔවුන්ට අහිමිව තිබුණේ කඩුලු 5 ක් පමණි.දැවී ගිය කඩුලු පහෙන් කඩුලු දෙකක් නුවන් ප්‍රදීප් ලබා ගත්ත ද,ඔහුගේ පන්දු ඕවර් 3 සඳහා ෆැල්කන් ක්‍රීඩකයෝ ලකුණු 34 ක් උඳුරා ගත්හ.
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ද ෆැලකන්ස් කණ්ඩායම සේ ම ඊයේ දිනය අරඹමින් පළමු තරගය ජය ගැනීමට සමත් විය.එහිදී ද පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 121 කි.ඒ වෙනුවෙන් කඩුලු 9 ක් ඔවුන් අහිමි කර ගත්තේය.ආරම්භක පිතිකරු ජෝර්ඩ්න් කොක්ස් පන්දු 22 හතරේ පහර තුනක් සහ හයේ පහර 4 ක් සමඟ ලකුණු 43 ක් රැස් කළ ද සෙසු පිතිකරුවන් එය වටා හොඳ ඉනිමක් සඳහා එකතු නොවිණි.පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු තුන බැඟින් දවා ගත්තේ පිළිවෙලින් ලකුණු 20 ක් සහ 24 ක් ලබා දෙමින්ය.
පිළිතුරු ඉණිම ඉතාම සැහැල්ලුවෙන් ඇරඹු ජැෆ්නා ආරම්භක පිතිකරු යුගලය වන සදීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු යන දෙදෙනාම අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.ලකුණු පූවරුව 118 වන තෙක්ම කිසිඳු කඩුල්ලක් ලබා ගන්නට අවුරා කණ්ඩායමට ඉඩ නොඳුන් කින්ග්ස් ක්‍රීඩකයෝ,ලකුණු 118 දි ලකුණු 51 ක ට අවිශ්ක දැවී ගිය පසු අවශ්‍යය ඉලක්කයට ළඟා වෙමින් කඩුලු 9 ක ජයක් අත් කර ගත්හ.සදීර සමරවික්‍රම පන්දු 44 න් නොදැවී ලකුණු 62 ක් ලබමින් තරගයේ වීරයා විය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan