*
Friday, May 17, 2024
spot_img

Latest Posts

කින්ග්ස්බරියේ දී උත්කර්ශයට නැංවෙන “ජනතාවගේ මැම්බර්”

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

කින්ග්ස්බරි වැනි සුපිරි හෝටල් මැම්බර්ලාගේ තැන්ය.එහි සහ ඔවුන් පත් කරන යන ජනතාවගේ දැවන්ත පරතරයේ පිඩාව දරාගත්තෝ උසුලන්නටම බැරි තැන කින්ග්ස්බරි ආසන්නයේ කදවුරු බැඳ ගත්තෝය.එහි ජයග්‍රහණයේ එක් තාවකාලික පියවරකදී ඓතිහාසික ජනතා ජයග්‍රහණයක පහස භූක්ති විඳීමේ වරම ජනතාව අත් කර ගත්තේ ඉතිහාසයේ දැවන්තම ජන බලය දිනා ගත් නායකයාට තනතුර අතැර යන්නට පාර සකසමින්ය.නමුත් ක්‍රමවේදයේ එක් තැනක මැම්බර්ලා සිය ආධිපත්‍යය අතැර නොගොස් බලය තව දුරටත් ජනතාව වෙත ගලා ඒම වළක්වමින් එහි සුක්කානම රනිල් වික්‍රමසිංහ මත තැබූහ.

ඊට පෙර රාජපක්ෂ කඳවුරේ සසලවීමත් සමඟ තැවුන දැවුන පිරිසක් විසින් ගෝල්ෆේස් අරගලයට එල්ල කළ නින්දිත ප්‍රහාරයත් සමඟ පක්ෂ විපක්ෂ නොවුණ ජනතා නැගිටීම,ආණ්ඩුවේ මැම්බර්ලා විසින් විවිධ පක්ෂවලට කරකාර බැඳ දෙන්නට විය.රනිල් වික්‍රමසිංහ යළිත් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නව පත්වීමත් සමඟ මෙය මාතෘකාවක් කරද්දී,වඩාත් පහසුවෙන් අරගලයේ උරුමය පක්ෂවලට ලියා දී සූක්ෂම ආකාරයට නැවත ජනතාව පක්ෂ නියෝජිතයන් කර පළමු නැගිටිමේ තිබූ ජනතාවාදී උවමනාව පක්ෂවලට දමා දිය කර හැරීමට පාර්ලිමේන්තු නියෝජිතයෝ සට කපට වූහ.ඒ කපටිකමේ බැල්මෙන් ජනතාව අන්ධ කළෝ ආණ්ඩුවේ නියෝජිතයෝම පමණක් නොවූහ.ක්‍රමවේදයේ පැවත්ම අපේක්ෂා කරන විවිධ ආකාරයේ වැදි බණ දෙසන විපක්ෂයෝ නියෝජිතයෝ ද ඒ මඟම ආහ.

මේ සිඳුවීමට මත්තෙන් සිය සියුම් ඉරි රේඛා ද,සෝපාහසය පිරුණ වචනෙන් ද ජනතාවගේ හෘදය සාක්ෂිය මත පින්සලෙන් තමන්ගේ රැවටීමේ ස්වභාවය ස්ථාපනය කළ කාටුන් ශිල්පියෙක් ඉතාම උපහාසාත්මක ලෙස තමන් නිර්මාණය කළ මැම්බර්ලාගේ විකටාත්ම එහි මුල් පුරුක වන රනිල් වික්‍රමසිංහගේ දෝතින්ම සමාජගත කරන්නට මැම්බර්ලාට අයිති පන්නයේ හෝටල් සමුදායෙන් කින්ග්ස්බරි තෝරා ගෙන ඇත.දිනය දෙසැම්බර් 27 වන දා ය.එහි දේශපාලනික ස්වරූපය අපූරුය.වානිජමය ස්වරූපය ද අපූරුය.ඉහළම සුව පහසු තැනක තමන්ව ජනකාව වෙනුවෙන් හිනාවට ලක් කළ සහ උපහාසයකට ලක් කළ මිනිසෙක්ගේ දැවන්තකම විඳ තමන්ටම හිනා වී යන්නට රනිල් පමණක් නොව තවත් පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් එහි එන බව නිසැකය.

එහෙත් ලංකාවේ කාටුන් සාහිත්‍යයේ මැම්බර් නම් වූ අනන්‍යතාවයේ හිමිකරුගේ අනන්‍යතාවය කවරක්ද යන්න සෙවීම අපහසු කාර්යයකි.ඒ ඔහු විවිධාකාරයේ හැකියාවන් රැසක් පුරවාගත් අපූරු මිනිසෙකු වන බැවිනි.ඉතා කුඩාවට පටන්ගෙන මහා ගඟක් වන තරමට අත්දැකීම් ඔස්සේ පළල් වුණ රංජන් පරණවිතාන යනු,කේෂත්‍ර ගණනාවක විශිෂ්ඨයන්ට ඉඩ හසර සැකසූ, මඟ පෙන් වූ දැවන්තයෙකි.’ආදරණීය මිනිසෙකි’ ලෙස ඒ සියල්ල එකතු කළ පසු දිය හැකි නිර්වචනය ඔහු සම්බන්ධ සරලම මෙන්ම සංකීරණම ප්‍රකාශය බව හැඟේ.

අවුරුදු 40 ක මාධ්‍ය ජීවිතයේ රන්ජන් පරණවිතානගේ භූමිකාව එක දෙයක දක්ෂතාවයතට සීමා නොවුණ දෙයකි.ප්‍රාදේශිය වාර්තාකරුවෙක් ලෙස කැමරාවත් අටවාගෙන කළුතර තැන කරක් ගැසූ තැන් හී සිටම ඔහුගේ මාධ්‍ය ජීවිතයේ මුල් සොයද්දී ඒවා වැඩෙන්නට හේතු කාරණා සැකසෙන්නේ ඔහුගේ විවිධ වූ කුසලතාවන් හී පිරුණු බවය.පෑන තරමටම පින්සල ද හුරු වීම එහිදී වැදගත් විය.පින්සලේ කුසලාතාවය නිසාම තවමත් හරියටම නිල වශයෙන් නම දෙන්නට අපොහොසත්ව ඇති පොලිස් නිල ලාංඡනය නිමවිමටත් රන්ජන් පරණවිතාන දායක වී ඇත.ඒ ඔහුගේ පියා පොලිස් නිලධාරියෙක් වූ බැවිනි.වර්ථමානය දක්වා සළකද්දී බොහෝ ඉහළ පොලිස් නිලධාරීන් කළුතර අභ්‍යාස විද්‍යාලයේ දී රන්ජන් පරණවිතාන සමඟ ආසන්න වයසේ සිට කෙළි සෙල්ලම් කළ අය වන්නේ තාත්තාගේ පොලිස් රස්සාව නිසාය.ඒ වගේම ඉතා කුඩා වියේ සිටම රන්ජන් පරණවිතාන පොලිසියේ රස්සාව සමඟ විවිධ සංස්කෘතීන් සමඟ හැසිරෙන්නට තාත්තාගේ මාරුවීම් සමඟ වාසනාව ලද්දේය.යාපනයේ සිට ගාල්ල කළුතර වැනි පළාත් ගණනාවක පාසල්වලට අයිති රන්ජන්ගේ අයිතිය තදින්ම වැළද ගන්නේ කළුතර විද්‍යාලය විසින්ය.

එහි ක්‍රීඩා පුහුණු ගුරුවරයා වූ චම්ලි හෙට්ටිආරච්චිගේ ගුරු ගෝල සම්බන්ධය මෙන්ම සමහර දේ තමන්ට වඩා හොදින් දැන සිටි ගෝලයාගෙන් ඉගෙන ගන්නට තරම් නිහතමානී වීම ද හේතු කරගෙන චම්ලි රන්ජන්ට පාසල සිසු ජීවිතයෙන් සමුගන්නටත් පෙරම ක්‍රිකට් පුහුණුකරු තනතුර පිදීම රන්ජන්ගේ පෞරුෂයට අතිශයින් වැදගත් විශ්වාසයක් එකතු කිරීමක්ය. දුලිප් ලියනගේ වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායමට රැඟෙන එන්නට තරම් මුවහත් කරන්නේ රන්ජන් පරණවිතානය.ඉනික්බිති කළුතර විද්‍යාලයෙන් පැමිණි තිලකරත්න ඩිල්ෂාන්,මාලිංග බණ්ඩාර වැන්නන් ද ජාතික තලය දක්වා ඔසවා තබන්නට රන්ජන්ගේ රැකවරණය,මඟ පෙන්වීම සහ ආරක්ෂාව තදින්ම අවශ්‍යය වූ ඉතිහාසයක් තිබිණ.

ඒ ක්‍රිකට් පුහුණුවේ පියෙන් පිය පත්තරේ අකුරුත් සමඟම හුවමාරු කරගෙන ඉදිරියට පැමිණි රන්ජන් අද අලුත් ක්‍රිකට් තරු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ කලාවේ පෙරමුණ රැඳෙන යොවුන් තේරීම් කමිටුවේ සාමාජිකයෙක්ය.පැල තවාන්වලට පොහොර ඉසිමින් රට පුරා සැරි සරන ඔහු කාලයක් තිස්සේ දක්වන දායකත්වය නිසා අලුත් නම් එක්ක නම නොකියවන්නේ වුව ද,ඒ වගකීම හරියට ඉටු කරන්නේ රන්ජන් ද සැබැඳි කණිෂ්ඨ තේරීම් කමිටුව බව ප්‍රසිද්ධ එහෙත් රහසක්ව පවතින දෙයකි.

මේ සම්බන්ධයෙන් අලුත් දක්ෂයන් සොයා දෙන්නට තේරීම් කමිටුවේ අසුන් ගන්න තෙක්ම නොසිටි රන්ජන් පත්තරකාරයෙක් ලෙස දක්ෂයන් සොයා කළ ගවේශණ නොවන්නට සමහර වාර්තාගත ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අහිමි වන්නට ද තිබිණ.හොදම උදාහරණයක් ලෙස ගත හැක්කේ අජන්ත මෙණ්ඩිස් ය.මේ ලියුම්කරු ද සිට මාධ්‍ය හමුවක රන්ජන් අජන්ත ගැන මහේලට කියන විට ඔහු ඇත්තටම අජන්ත ගැන වැඩි තොරතුරු නොදැන සිටියේය.එහෙත් පරිනත ක්‍රිකට් දැණුමෙන් තමන්ගේ ගැටළු පවා සාකච්ඡා කරන්නට රන්ජන් හා පසු නොබාන නිහතමානී නායකත්වය අජන්ත ගැන සොයා බැලූ අතර ඔත්තුව ටක්කෙටම නිවැරදි විය.මාස ගණනක් ඇතුළත අජන්ත ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙනෙන වාර්තාගත පන්දු යවන්නේක විය.

චිත්‍ර ශිල්පියෙක් ලෙස ම්ලටිපැක්ස් හී රාජකාරි අරඹමින් පත්තර කොළවල සුවඳත් එක්ක ඔට්ටු වෙන්න ගත් රන්ජන් ඉනික්බිති පත්තරකලාවේ කේෂත්‍ර ගණනාවක සිය සුවද නොමැකෙන්නම අතුරා තබන්නට සමත් වූ දැවන්තයෙක් විය.ඇදීම,තීරු රචනාවේ යෙදීම,පිටු සැළසුම,ඡායාරූපකරණය,ක්‍රීඩා සංස්කාරකත්වය මෙන්ම සහකාර සංස්කාරකත්වය ද දරමින් ඔහු පත්තර ජීවිතයේ සිය හැකියාව වෘත්තීය වශයෙන් ස්ථීර ලෙසම ලබා දුන් ආයතන අතරින් දිවයින සහ ලක්බිම ප්‍රධාන කොට සැළකිය හැකිය.

ඔහු රිවිර,ලංකාදීප,අද පුවත්පත්වලටත් පසුව තිරු ලිපි ලියන්නෙක් ලෙසින් දායක වී සිටිය අතර අද වන විටත් තේරුම් කමිටු සාමාජියෙක්ව සිටින අතරේම ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ දේශපාලන කාටුනය වෙනුවෙන් පින්සල මෙහෙයවන්නේය.

ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ක්‍රීඩා සමාජ මට්ටමෙන් ද ඔහු කර ඇති සේවය ඉමහත්ය.එසේම වරෙක ඔහු ක්‍රීඩා සමාජ සමඟ තළමණාකරුවෙක් ලෙසද සම්බන්ධ වී සිට ඇත.ඒ සෑම අවස්ථාවකම පාහේ එම ක්‍රීඩා සමාජ තිබූ තත්ත්වයට වඩා හොඳින් තරග වැදීම රන්ජන්ගේ දායකත්වයේ අපූර්වත්වය කියා පාන්නකි.එසේම එහි සිටින දක්ෂයන් මුවහත් කර පෙරට ගෙන ජාතික කණ්ඩායම දක්වා යන්නට පාර පෙන්නීමටද රන්ජන්ට හැකි වී ඇත.

රන්ජන් පරණවිතාන කියන නමටත් වඩා ඔහුගේ මැම්බර් මෙන්ම අපූර්ව වූ ක්‍රීඩා කොළම අන්නාසි මාමා හි හාස්‍ය පිරුණු වචන පෙළ ගැස්ම ඔස්සේ බිම වැටෙන්නට තරම් දැවන්ත ගස් කොනිත්තා අරටු හූරා දමන අයුරු අපූරුය.ඒ නිසා කොයි මැම්බර් ආවත් රන්ජන්ගේ මැම්බර් රන්ජන්ව අපේ මැම්බර් කෙනෙක් කර ඇති නිසා ඔහුට මිනිස්සු ආදරේ කරන බව ඇත්තක්ය.වඩාත්ම වැදගත් මිනිස්සු සමඟ ගැවසෙන කේෂ්ත්‍ර ගණනාවක රන්ජන් පරණවිතාන යනු එසේත් නොවන්නේනම් අන්නාසි මාමා හෝ මැම්බර් යනු දැවන්ත ආදරයක හිමිකරුවෙක්ය.ඒ නිසා නැවත නැවතත් කියන්නේ කින්ග්ස්බරියේ එළිදකින මැම්බර් සම්පූර්ණයෙන්ම නිර්මාණය වි ඇත්තේ අටෝරාශියක් ප්‍රශ්න මැද්දේ ජීවිතය ගැටගහගන්න මිනිසුන්ගේ ප්‍රශ්නවලින් බැවින් රන්ජන් පරණවිතානගේ මැම්බර් ජනතාවගේ පැත්තේ මැම්බර් කෙනෙක් වී ජනතාව වරද්දාගෙන පත් කරගත් මැම්බර්ලාව කොනහන අයෙක්ය.ඒ නිසා ඔහු මැම්බර් වන්නේ ජනතා පිළේ ය.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan