රනිල්ගේ බලපත්‍රයකින් ගිය සතියේත් බාර් එකක් ඇරලා. ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමයේ අලුතින් නිකුත් කෙරුණු මත්පැන් අලෙවිසැල් බලපත්‍ර සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක කතා බහක් පසුගිය සතිය පුරා දේශපාලන කරළිය තුළ දක්නට ලැබිණි.

එසේ තිබියදීත් ඒ මත්පැන් බලපත්‍රයක් අනුව අලුතින් මත්පැන් අලෙවි සැලක් මීට සතියකට පෙරත් විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ, නව නුවර පාර, ගොඩගෙදර, මුදුන්ගොඩ ප්‍රදේශයේ ය.

මෙහි බලපත්‍ර හිමිකාරිනිය වශයෙන් සිටින්නේ අංක 89, ලංකා මාතා පළමු පටුමග, මහබාගේ, රාගම ලිපිනයේ පදිංචි එස්. ඩී. කුෂානිකා ජයකොඩි නමැති කාන්තාවකි.

පසුගිය සතියේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරමින් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන අනුව ඉහත කී කාන්තාවට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාදී ඇති අතර ඒ දෙකම ලබාදී ඇත්තේ ඕෂියනික් වයින් ස්ටෝර්ස්, 797 ඒ, පමුණුගම පාර, මීගමුව යන ලිපිනය සඳහා ය. එසේ තිබියදී ඕෂියනික් වයින් ස්ටෝර්ස් නමින් නව නුවර පාර, මුදුන්ගොඩ ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් විවෘත වීම ද සැක සහිත බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

එසේම මෙම ස්ථානයෙහි අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ සහ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ ද දැඩි විරෝධය පළව ඇති අතර මෙම සැක සහිත මත්පැන් අලෙවිසැල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ජනාධිපති කාර්යාලයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව කරපු දෙයින් අප්‍රිකාවේ සහ ආසියාවේ සෞඛ්‍ය බිඳ වැටෙයිද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...