විපතට පත් ජනතාව හමුවෙන්න ජනපති නුවරඑළියට යයි! (PHOTOS)

කොළඹ LNW:වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේ නාය යෑම සිදු වූ ස්ථානය වෙත ඊයේ (08) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ගිය අතර එම අවස්ථාවේ ජනතාව සමඟ ඔවුන් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳ කතා බහ කර තිබුණි.

මේ අතර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත ද ජනාධිපතිවරයා ගොස් තිබුණි.