ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

Date:

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට පත්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට ඔවුන්ට සහාය වීම උදෙසා Dreamron සමාගම විසින් “Dreamron අත්වැල” නමින් සමාජ සත්කාරක සේවාවක් ආරම්භ කර තිබේ.

ගංවතුරට හසුවූ සිය රූපලාවන්‍යාගාර යළි විවෘත කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එදිනෙදා ආදායම් අහිමි වීමෙන් රූපලාවන්‍ය ශිල්පීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටිති.

ඒ අනුව “Dreamron අත්වැල” සමාජ සත්කාරයේ පළමු අදියර වශයෙන් කඩුවෙල, අඹතලේ, බියගම ප්රදේශයන්හි ගංවතුරට හසුව හානිවූ රූපලාවන්‍යාගාර 28ක් සඳහා හදිසි මූල්‍ය ප්‍රදානයක් වශයෙන් රුපියල් 25,000 බැගින් ලබාදෙමින් ඔවුන්ට සහාය සැපයීම පසුගිය 07 වනදා සිදුකෙරිණි.

එසේම ලබන සිකුරාදා (12) දිනයේදී ගම්පහ, ගිරිඋල්ල යන ප්‍රදේශවල තවත් රූපලාවන්‍යාගාර 30කට ඒ ආකාරයෙන් රුපියල් 25,000 බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමට නියමිතව ඇති අතර මෙම වැඩසටහන තවත් ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට Dreamron සමාගම සූදානමින් සිටී.

මීට අමතරව හානියට පත් එම රූපලාවන්‍යාගාරවල වැඩකටයුතු යළි ආරම්භ කිරීම උදෙසා ඔවුන්ට Dreamron රූපලාවන්‍ය කට්ටලය බැගින් ද ලබාදීමට එම සමාගම සැලසුම් කර ඇත.

Dreamron සමාගම් සමූහයේ සභාපති, ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා සහ Dreamron Beauty College ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිශා පෙරේරා මහත්මිය මේ සඳහා පුරෝගාමීව කටයුතු කරති.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ දෙස් විදෙස් ප්‍රචලිත ඉහළ කීර්තිනාමයක් උසුළන Dreamron සමාගම සිය නිෂ්පාදනවල විශිෂ්ටත්වය සේම රූපලාවන්‍ය ශිල්පීන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා පත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : අද (09) පැවති...

Netflix-WB ගනුදෙනුව ප්‍රශ්නයක් විය හැකි බවට ට්‍රම්ප්ගෙන් මැසිවිලි!

සටහන – පුලී දෙසැම්බර් 09, කොළඹ (LNW): වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි...