අසල්වැසි වගකීම – ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්

Date:

ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දියාව අසල්වැසියකු ලෙස සිය වගකීම් පැහැර හැරීමක් සිදු කරන බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා එරට පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කර තිබෙන අතර, වත්මන් ඉන්දීය රජය එම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ. එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා එම අදහස් පළ කර ඇත.

සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඉන්දීය විදේශ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළ අතර, එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේ දී ඉන්දියාව අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් මහතා පෙන්වා දී තිබෙන්නේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දියාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...