*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

කොළඹට ප්‍රථම ජය දඹුල්ලට දෙවන පරාජය

මෙවර එල්පීඑල් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට කළම්ඹු ස්ටාර්ස් කන්ඩායමට හැකි විය.ඔවුන්ට පළමු ජයග්‍රහණය ලබා දෙමින් තරගාවලියේ සිය දෙවන පරාජය වාර්තා කරේ දඹුල්ල කණ්ඩායමටය.මෙවර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් පහම ඊයේ පැවති කළමුඹු ස්ටාර්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරගය නිමා වෙද්දී තරග දෙක බැඟින් නිමා කර ඇත.ඒ අතරින් තමන් සහභාගි වූ තරග දෙකම ජය ගන්නට සමත් වි ඇත්තේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් දෙකය.ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් තරග දෙකම පරාජයට පත් වි ඇත.
දඹුල්ල කණ්ඩායම පරාජය වුව ද කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව හොඳ හඹා යාමක් සිඳු කරන්නට සමත් විය.ස්ටාර්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 165 ක ඉලක්කය හඹා ගිය අවුරා කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ ලකුණු 156 ක් ලැබුවේ කඩුලු හතක් අහිමි කර ගනිමින්ය.ඒ අනුව තියුණ තරගයක් ලබා දී දඹුල්ල කණ්ඩායමට තරගාවලියේ ලද දෙවන පරාජයත් අත් කර ගන්නට වූයේ ලකුණු 9 ක ජයක් ස්ටාර්ස් කණ්ඩායමට හිමි කර දෙමින්ය.
කළම්ඹු ස්ටාර්ස් වෙනුවෙන් ඉණිම ඇරඹු නිරෝෂන් දික්වැල්ල ප්‍රවේගයද සුරක්ෂිත වගකීම් සහගත ඉණිමකින් කඩුලු නවයක් අහිමි වි ලද ලකුණු 165 සඳහා ලකුණු 62 න් දායක විය.ලකුණු 26 ට කඩුලු තුනක් බිඳ වැටී සිටියදී දික්වැල්ල,රවි බොපාරා සමඟ ලකුණු 54 ක් සබඳතාවයක් සිවිවන කඩුල්ලට පිහිටුවීය.බොපාරාගේ දායකත්වය 26 ක් විය.බොපාරාගේ දැවියාමෙන් පසුවද ලකුණු 114 දක්වා පිටියේ රැඳුණු දික්වැල්ල,පස්වන කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 41 දී ලකුණු 62 ක් ලබාගෙන තිබිණ.දිනේෂ් චන්දිමාල් ස්ටාර්ස් ඉණිමේ පසුභාගය ශක්තිමත් කරමින් නොදැවි ලකුණු 29 ක් රැස් කළ අතර ඩොමිනික්ස් ඩ්‍රැක්ස් ලකුණු 18 ක් රැස් කළේය.
ලහිරු කුමාර අවුරා කණ්ඩායම වෙනුවෙන් ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ ආරම්භයේදිම දැඩි පිඩනයක් එල්ල කරමින් ලකුණු පූවරුව ලකුණු 26 ක් වන විටත් ස්ටාර්ස් ක්‍රීඩකයින් තිදෙනෙකුම ක්‍රීඩාගාරයට නැවත හරවා යවන්නට සමත් විය.තරගය නිමාවන විට ලහිරු පන්දු ඕවර් 4 නිමා කර තිබුණේ ලකුණු 36 ට කඩුලු හතරක් දවාගෙනය.
පිළිතුරු ඉණිම වෙනුවෙන් ආරම්භක කඩුල්ලට වේගවත් ලකුණු 53 ක සබඳතාවයක් එක් විය.ඒ ශෙවොන් ඩැනියල් ලබා ගත් ලකුණු 28 (27) සහ ජෝර්ඩ්න් කොක්ස් 29 (15) දැක් වූ දායකත්වය හේතුවෙන්ය.අනතුරුව ටොම් බෙල් ලකුණු 33 ක් එක් කළ අතර තරගය සිය කණ්ඩායම දෙසට හරවා ගන්නට දැඩි උථ්සාහයක් දැරූ දසුන් ශානකට සිඳු වුයේ සිය කඩුල්ල රැකගෙන පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටින්නටය.ඔහු තරගය නිමා වන විට නොදැවී ලකුණු 31 ක් ලබා ගෙන සිටියේ පන්දු 20 දී ය.ඔවුන්ට ලෝකයේ ප්‍රබලතම විස්සයි විස්ස ක්‍රීඩකයෙක් වන ෂිකන්දර් රාසාගේ තුන් ඉරියව් දසකම්වල ආශිර්වාදය මේ දකවා නොලැබී යාම දැඩි ගැටළුවක් වි ඇති අතර ඔහුට මේ තරගයේදී ද හිමි වූවේ පන්දු තුනකට මුහුණ දි ලකුණු නොබා දැවි යන්නටය.
සුරංග ලක්මාල් ලකුණු 29 ට කඩුලු 2 ක් සහ ඩොමිනික්ස් ඩ්‍රැක්ස් සහ කරීම් ජනාත් ද කඩුලු දෙක බැඟින් දවා ගත්තේ පිළිවෙළින් ලකුණු 35 ක් සහ 30 ක් ප්‍රතිවාදීන්ට හිමි කර දෙමින්ය.තරගයේ ජයග්‍රහණය සඳහා පාදක වන සුවිශේෂීම ඉණිම ක්‍රීඩා කළ නිරෝෂන දික්වැල්ල මේ තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan