සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ විෂයයට පෙනී සිටි 40% කටම A සාමාර්ථ !

Date:

DP Education තවත් සුවිශේෂී ජයග්‍රහණයක් !

අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා A සාමාර්ථයන් ලබාගත් සිසුන් සංඛ්‍යාව 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී 16% කින් ඉහළ ගොස් තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා 2020 වසරේදී පෙනී සිටි සිසුන් අතරින් A සාමාර්ථයන් ලබාගෙන තිබුණු ප්‍රතිශතය 24% කි.

නමුත් 2021 වසරේදී එම ප්‍රතිශතය 40%ක් තරම් ඉහළ අගයකට පැමිණ තිබීම සුවිශේෂී තත්වයකි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයට අදාළව මෙම සුවිශේෂී පිබිදීමට හේතුව DP Education වැඩසටහන විසින් රටේ දරුදැරියන් වෙත නොමිලේ ලබාදෙන සුවිශේෂී අධ්‍යාපන අවස්ථාව බව අවිවාදිත කරුණකි.

ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ධම්මික සහ ප්‍රෙසිලා පෙරේරා පදනම විසින් ඉටුකරන සමාජ මෙහෙවරක් වන DP Education වැඩසටහනට අනුබද්ධව පවත්වාගෙන යන ඩීපී කෝඩින් පාසලට මේ වනවිට විශාල පාසල් දරුදැරියන් ප්‍රමාණයක් සම්බන්ධ වී අධ්‍යාපනය ලබමින් සිටී.

රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්ව, රටේ ජන ජීවිතය ව්‍යාකූල තත්වයකට පත්ව, රටට බොහෝ ජයග්‍රහණයන් අහිමිව පවතින මොහොතක පවා රටේ දුවාදරුවන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෙන්වන සුවිශේෂී ජයග්‍රහණයන් වෙනුවෙන් DP Education වැඩසටහන ලබාදී ඇති තීරණාත්මක දායකත්වය සැමගේම අගැයීමට ලක්විය යුතු බව අපේ හැඟීමයි.

මේ සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...