ආර්ථික ඝාතකයන් සොයන ජනාධිපති රනිල්

Date:

මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කළ හැකි නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සුදුසු යැයි ජනාධිපතිවරයා පැවසීය.

විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද කරුණු පැහැදිලි කිරීමකට සහ ඉල්ලීමට එකඟ වෙමින් ජනධිපතිවරයා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් තමනට කිසිවක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා ද අනුමැතිය පළ කරන ලද බදු සහන යෝජනා සම්බන්ධයෙන් ද සොයා බැලීම සුදුසු බවත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...