ආර්ථික ඝාතකයන් සොයන ජනාධිපති රනිල්

0
557

මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කළ හැකි නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සුදුසු යැයි ජනාධිපතිවරයා පැවසීය.

විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද කරුණු පැහැදිලි කිරීමකට සහ ඉල්ලීමට එකඟ වෙමින් ජනධිපතිවරයා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් තමනට කිසිවක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා ද අනුමැතිය පළ කරන ලද බදු සහන යෝජනා සම්බන්ධයෙන් ද සොයා බැලීම සුදුසු බවත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

රෂිකා හෙන්නායක